ජනාධිපතිතුමාගේ සෞභාග්‍යෙය් දැක්ම කියවලයි අපි වැඩ කරන්න ආවේ, දැන් සෞභාග්‍යයේ දැක්මක් නැහැ

“අපි මේ තනතුරුවලට ආවේ වැඩ කරන්න. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යෙය් දැක්ම කියවල. දැන් එතන සෞභාග්‍යයේ දැක්මක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ ගැනන කලකිරීමක් තිබෙනවා. මේ නිසා මම තවදුරටත් මේ තනතුරේ කටයුතු කිරීමේ බලාපොරොත්තුවක් නැහැ…“ යැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ යූටියුබ් නාලිකාවක් සමග පැවති සාකච්චාවකදීය.

වෘත්තියෙන් තාක්ෂණ ඉංජිනේරුවකු වන තමන් පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති ගෝටාබය රාජපක්ෂට සහය ලබා දුන් බවත් උසස් තනතුරුවලට පුද්ගලවයන් පත් කිරීමේ අයදුම්පත් හරහා පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරට පත් වූ බවත් සඳහන් කරයි.

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පත් කළ නිලධාරීන් සහ සභාපතිවරුන් ගෙන්වා කෙළින් වැඩ කරන ලෙසත් කිසිදු විටෙක වැරදි දේවල් අනුමත නොකරන ලෙසත් ප්‍රකාශ කොට ජනාධිපතිවරයා සියලු දෙනා දිරි ගැන්වුවද සෘජුව තීන්දු ගැනීමේදී පසුගිය කාලය තුළ ගැටලු රාශියක් පැන නැගලුණු බව ඔහු අනාවරණය කරයි.

එවැනි අත්දැකීමක් ලද මුල් අවස්ථාව ලෙස ඔහු සඳහන් කරන්නේ ජාත්‍යන්තර පාරිභෝගික දිනය වෙනුවෙන් පවත්වන වැඩ සටහනකට අධිකාරියේ මුදල්වලින් ලක්ෂ හතරක් ලබා ගැනීමට අනුමැතිය ලබා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ, රජයේ මුදල් පාරිභෝගිකයන්ට සෙතක් වන වැඩකට මිස දේශපාලන ප්‍රචාර සඳහා නොයොදන ලෙස තමන් දැමූ සටහන හේතුවෙන් බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න අමාත්‍යවරුන් අමනාප වු බවද ඔහු සඳහන් කරයි.

පසුගියදා සතොස ආයතනයේ සිදුවූ සුදුලූනු වංචාව හෙළිදරව් කර ගැනීමෙන් පසුව පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත්වන ලෙසට තමන්ට විවිධ දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බවත් ලැබුණු මරණ තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් ඔහු සඳහන් කරයි.

තමන් තවදුරටත් මෙම තනතුරේ කටයුතු කිරීමේ බලාපොරොත්තුවක් නැතැයිද ජනාධිපතිතුමාගේ සෞභාග්‍යෙය් දැක්ම දැන් ක්‍රියාත්මක වෙන්නේ නැතැයිද ඔහු අවධාරණය කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *