Type to search

2021 බුකර් ත්‍යාගය : ශ්‍රී ලාංකීය නවකතාකරු අනුක්ගේ A Passage North අවසන් වටයට

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ශ්‍රී ලාංකීය දමිළ නවකතාකරුවකු වන අනුක් අරුද්ප්‍රගාසම් විසින් ලියූ “A Passage North” නම් කෘතිය 2021 බුකර් ත්‍යාගයේ අවසන් වටයේ නිර්දේශිත කෘති 6 අතරට සුදුසුකම් ලබා ඇති බවට ඊයේ (14) ප්‍රකාශයට පත් කෙරුණි.

A Passage North, “ක්‍රිෂාන්” නම් දමිළ තරුණයකු, දශක ගණනක් දිගු යුද්ධයේ කම්පනයෙන් තවමත් පීඩා විඳින උතුරුකරයට යන ගමනක් වටා ගෙතුණකි.

බුකර් ත්‍යාගයේ අවසන් වටයට නිර්දේශ වූ සෙසු කෘති මෙසේය,
The Promise, Damon Galgut, (Chatto & Windus, Vintage, PRH)
No One is Talking About This, Patricia Lockwood (Bloomsbury Circus, Bloomsbury Publishing)
The Fortune Men, Nadifa Mohamed (Viking, Penguin General, PRH)
Bewilderment, Richard Powers (Hutchinson Heinemann, PRH)
Great Circle, Maggie Shipstead (Doubleday, Transworld Publishers, PRH)

මෙවර බුකර් ත්‍යාගය මූලික වටයෙන් නවකතා 13 ක් සුදුසුකම් ලැබූ අතර එම කෘති අතරට 2017 දී සාහිත්‍ය උදෙසා නොබෙල් ත්‍යාගය දිනූ එමෙන්ම 1989 දී බුකර් සම්මානය දිනූ ජපන් ලේඛක කසුඕ ඉෂිගුරෝගේ “Klara and the Sun” කෘතිය ද ඇතුලත් වී තිබුණි. කෙසේ වෙතත් එම කෘතිය අවසන් නිර්දේශ අතරට පැමිණ තිබුණේ නැත.

පාඨක සන්තානයේ නොමැකෙන සටහන්..

A Passage North, අනුක් අරුද්ප්‍රගාසම් විසින් රචිත දෙවැනි නවකතාවයි. මෙම කෘතිය “පාඨක සන්තානයේ නොමැකෙන සටහන් තබන නවකතාවක්,” බව විනිශ්චය මණ්ඩලයේ අදහසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි අනුක්ගේ පළමු නවකතාව වන්නේ “The Story of a Brief Marriage”ය. එම කෘතිය වෙනුවෙන් ඔහුට දකුණු ආසියානු සාහිත්‍ය වෙනුවෙන් පිරිනමන DSC ත්‍යාගය හිමිවූ අතර ඩිලන් තෝමස් ත්‍යාගය සඳහා කෙටි ලැයිස්තුගත විය.

“The Story of a Brief Marriage” මේ වනවිට භාෂා 7 කට පරිවර්තන කර ඇත.

2021 බුකර් කෙටි ලැයිස්තුව

එක්සත් රාජධානිය සහ අයර්ලන්තය තුළදී ඉංග්‍රීසි බසින් ප්‍රකාශිත නවකතා බුකර් ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන අතර ඕනෑම රටක ලේඛකයෙක්ට එය විවෘත වේ. මෙවර බුකර් ත්‍යාගයේ ජයග්‍රාහකයා නොවම්බර් 3 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *