කූඨ ලේඛන සකස් කර අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළ නඩුව: අලි ඇතුන් මුදාහැරීම නීත්‍යානුකූලයි – නිතිපතිවරයා

ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන් දැඩි තර්ජනයක - නව අනාවරණයක්

ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන් දැඩි තර්ජනයක - නව අනාවරණයක්

කූඨ ලේඛන සකස් කර අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළ නඩුවට සාක්ෂි නොමැතිවීම හේතුවෙන් එය වැඩිදුරත් පවත්වා ගෙනයා නොහැකියි යන පදනම මත අලි ඇතුන් මුදාහැරීමට අධිකරණය ලබාදුන් තීන්දුව නිත්‍යානුකූල බව නිතිපතිවරයා (16) අධිකරණයේදී ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අදාළව සාක්ෂි නොමැති වීම හේතුවෙන් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 120 වගන්තිය ප්‍රකාරව අලි ඇතුන් මුදා හරින ලෙසට අධිකරණයෙන් කළ ඉල්ලීම නිත්‍යානුකූල බවත් නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

කූඨ ලේඛණ සකස් කරමින් අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ජේ. ප්‍රභාකරන් මහතා ඉදිරියේ (16) යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

පරිසර සංවිධාන කිහිපයක් විසින් මෙම නඩුව ගොනු කර තිබිණ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *