රුපියල් ලක්‍ෂ 150කට අධික වටිනාමින් යුත් Kg 56,000ක සුදු ළුණු නීති විරෝධී ලෙස වෙනත් පාර්ශවයකට: සතොස කීපදෙනෙකු ගැන පරීක්ෂණ

රුපියල් ලක්‍ෂ 150කට අධික වටිනාමින් යුත් Kg 56,000ක සුදු ළුණු නීති විරෝධී ලෙස වෙනත් පාර්ශවයකට: සතොස කීපදෙනෙකු ගැන පරීක්ෂණ

රුපියල් ලක්‍ෂ 150කට අධික වටිනාමින් යුත් Kg 56,000ක සුදු ළුණු නීති විරෝධී ලෙස වෙනත් පාර්ශවයකට: සතොස කීපදෙනෙකු ගැන පරීක්ෂණ

වරාය අධිකාරියෙන් සතොසට ලබාදුන් රුපියල් ලක්‍ෂ 150කට (රුපියල් කොටි එකහමාරකට) අධික වටිනාමින් යුත් සුදුු ළුණු කිලෝ 56,000ක් නීති විරෝධී ලෙස වෙනත් පාර්ශවයකට අළෙවි කළ බව කියන සතොස මූලස්ථානයේ සහ වැලිසර තොග ගබඩාවේ නිලධාරීන් කීපදෙනෙක් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාව ලැබෙන තෙක් මීට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව නිෂ්චිතව වැඩි විස්තර ප්‍රකාශ කළ නොහැකි බවද සභාපතිවරයා කීය.

රාජසන්තක කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන්ට සහන මිලට සැපයුමට සතොස අළෙවිසල් ජාලයට භාණ්ඩ නිකුත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතරතුර ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ලංකා සතොසට ලබාදුන් සුදු`ඵණු බහලුම් දෙකක් වෙනත් පාර්ශවයකට මෙසේ අළෙවිකර ඇති බව වාර්තා වේ.

සතොස ඉහළ කළමණාකාරිත්වයේ කිසිදු අනුමැතියකින් තොරව එම සුදු`ඵණු තොගය වෙනත් පාර්ශ්වයක් වෙත අළෙවි කිරීම සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ලැබුණු තොරතුරකට අනුව අදාල සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ සේවය අත්හිටුවා වාහාම පරීක්‍ෂණයක් කරන ලෙස අමාත්‍යවරයා සතොස සභාපතිවරයාට හා ප්‍රධාන විධායක නිලධාරීවරයාට දැනුම් දී තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස ද වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සතොස සභාපතිවරයාට උපදෙස් දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *