රටට අවශ්‍ය කෙරෙන  නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම අරඹයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමට රජයේ අවධානය; කරුණු ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමට රජයේ අවධානය; කරුණු ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

රටට අවශ්‍ය කෙරෙන  නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම අරඹා ඇතැයි  අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සැකසීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ජා  කෙරිණ.

වර්තමානයේ මතුව ඇති ගුරු වැටුප් විසමතාව විසඳීම ප්‍රබල ගැටලුවක්  බවත්  ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලද ක්‍රමවත් කළ යුතු බවත්  රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අධ්‍යාපන පීඨ විශ්වවිද්‍යාල බවට පත්කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. වර්තමානයේදී රාජ්‍ය භාෂා විශාල පරිහානියකට ලක්ව ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සදහා වන  තාක්ෂණික කමිටුවේ වාර්තාව සති  දෙකක්   ඇතුළත ඊට අදාළ අනුකාරක සභාවට ලබා දීමට නියමිත බව මෙහිදී සඳහන්විය. නීතිය වෙනම විෂයක් ලෙස නොව පුරවැසි අධ්‍යාපනය විෂයේ කොටසක් ලෙස ඇතුළත් කළ යුතු බවටද යෝජනාවිය. ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද ඊට ඇතුළත් කිරීම ඉතා වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. නීතිය සහ සමාජය අතර පවතින සම්බන්ධයද එමගින්  නිරූපනය විය යුතු බව ඇය පෙන්වා දුන්නාය.

පාසල් වලට අනුයුක්ත කර ඇති උපාධිධාරි අභ්‍යාසලාභීන් ස්ථීර කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවටද  මෙම කාරක සභාවේදී යෝජනා විය. උපාධිධාරින් 60000 න් 18000 ක්  දැනට පාසල්වලට අනුයුක්ත කර ඇති බවත්  ඔවුන් ස්ථිර කිරීමට දැනට  යෝජනා වී ඇති ක්‍රමවේදය ගැටලු සහගත බවත්  මන්ත්‍රීවරු කාරක සභාවට පෙන්වා දුන්හ.

පාසල්වලට අනුයුක්ත කර ඇති ඇතැම් උපාධිධාරින් ඒ සඳහා කැමැත්තක් නොදක්වන බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මෙහිදී කීවේය. ගුරුවරුන්ගේ අභිමානය සුරකීමටද නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පෙන්වා දුන්නේය.

ජාතික පාසල් 1000ක් ඇති කිරීමේ ව්‍යාපෘතියට පාසල් තෝරා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද කාරක සභාවේදී තවදුරටත් සාකච්ඡා විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *