කොවිඩ් 19 නීති උල්ලංඝනය කිරීම සහ වෛරසය ව්‍යාප්ත කිරීම නිසා වසර 5ක සිර දඬුවමක්
 
                වියට්නාමය සිය පුරවැසියෙකුට වසර 5 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා .
විදෙස් මාධ්‍ය පවසන්නේ කොවිඩ් 19 නීති උල්ලංඝනය කිරීම සහ වෛරසය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් මෙලෙස සිර දඬුවම් නියම කෙරුණු බවයි.
පුද්ගලයන් 08 දෙනෙකුට “භයානක බෝවන රෝග සම්ප්‍රේෂණය කිරීමේ” වරදට ලෙ වෑන් ට්‍රි නම් මෙම පුද්ගලයා වැරදිකරු වූ අතර, ආසාදිතයින් අට දෙනාගෙන් එක් අයෙකු මිය ගොස් තිබෙනවා.
වියට්නාමය කොවිඩ් රෝගයෙන් වැළකීම සඳහා පවත්වාගෙන ආ දැඩි සීමා කිරීම් හේතුවෙන් මෑතක් වන තුරුම එම රට විශාල වශයෙන් සාර්ථක වී තිබුණා.
නමුත් වඩාත් ඉක්මනින් බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම ආරම්භ වීමත් සමග ජුනි මාසයේ සිට ආසාදන මට්ටම ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        