මඩකලපුව වව්නතීව් කුඹුරු යායක තිබී අත් බෝම්බ සොයා ගැනේ

මඩකලපුව – වව්නතීව් පොලිස් බල ප්‍රදේශයේ පිහිටි පාවක්කොඩිචේනෙයි කට්පහේනි කුඹුරු යායේ අතහැර දමා තිබූ අත් බෝම්බ 3 ක් සොයා ගෙන ඇති බවත්, මෙය නිශ්ක්‍රීය කිරීමට අවශ්‍ය පියවර ගෙනෙමින් පවතින බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අදාළ කුඹුරු ප්‍රදේශයේ විශේෂ කාර්ය සාධක බළකාය සමඟ එක් වී ඊයේ සවස මෙම අත් බෝම්බ සොයා ගෙන තිබේ.

පසුව එය නිශ්ක්‍රීය කිරීමට අවශ්‍ය අධිකරණ නියෝගය ලබා ගෙන අද දින එය පුපුරුවා හැරීමට අවශ්‍ය කටයුතු සිදු කළ බව පොලීසිය ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු වව්නතීව් පොලීසිය විසින් සිදු කරමින් පවතී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *