ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තන්ගේ බිරිය කොරෝනාවට බිලි වෙයි

0
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තන්ගේ බිරිය කොරෝනාවට බිලි වෙයි

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තන්ගේ බිරිය කොරෝනාවට බිලි වෙයි

කොවිඩ් ආසාදිතව රෝහල් ගත වී ප්‍රතිකාර ලබමින් සිටි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තන්ගේ බිරිය “හීන් මැණිකේ” (04) රාත්‍රියේ මිය ගියාය.

කොවිඩ් නිවුමෝනියා තත්ත්වය ඇති වීමේ හේතුවෙන් “හීන් මැණිකේ” මහියංගන රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පෙරේදා (02) පේරාදෙණිය රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය (04) රාත්‍රී මෙසේ මිය ගියාය.

හීන් මැණිකේ දරුවන් නව දෙනෙකුගෙන් මෑණියන් වූවාය. ඇය ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු කෝවිඩ් ආසාදිතව මහියංගන රෝහලට ඇතුළත් කරනු ලැබුවේ 29වැනිදාය.

හීන් මැණිකේ සහ වන්නිල ඇත්තන් මී පැණි පූජාව සඳහා ඉකුත් 18 වැනිදා දළදා වහන්සේ වැඳ පූදා ගැනීමට පැමිණ සිටි බවද වාර්තා වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com