ඩොලරය ඉතිහාසයේ වැඩිම මිල අගය රු. 226.25 වාර්තා කරයි

ඩොලරය තවත් අඩුවෙයි

ඩොලරය තවත් අඩුවෙයි

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල (31)දිනයේ දී රු. 204.89 ක් දක්වා විචලනය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයේ සටහන් වේ. මෙය මෙතෙක් ඉතිහාසයේ ඒක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් ‌වාර්තා වූ වැඩිම ‌රුපියල් අගය වේ.

මීට පෙර වාර්තා වූ ඉහළම අගය වූයේ 2021 අප්‍රේල් 15 දින ඩොලරයේ විකුණුම් මිල රු. 204.62 ක් ලෙසින් වාර්තා වීමයි.ඩොලරයේ විකුණුම් මිල මෙලෙස 31 දින විචලනය වූයේ පසුගිය ජූනි 23 දිනෙන් වීම විශේෂත්වයකි.

ඩොලරයේ විකුණුම් මිල ලංකා බැංකුවට අනුව රු. 203.00 ක් හා මහජන බැංකුවට අනුව 204.99 ක් ලෙසින් සටහන් වේ. කෙසේ වෙතත් කොමර්ෂල් බැංකුව එය රු. 226.00 ක්, සම්පත් බැංකුව රු. 226.25 ක්, හැටන් නැෂනල් බැංකුව රු. 226.00 ක් හා සෙලාන් බැංකුව රු. 225.00 ක් ලෙසින් අද උදෑසන සඳහන් කර තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *