ශ්‍රී ලංකාවේ වාසය කරන සියළුම මුස්ලිම්වරුන්ගෙන් අධිකරණ ඇමති කළ හදිසි ඉල්ලීම

ශ්‍රී ලංකාවේ වාසය කරන සියළුම මුස්ලිම්වරුන්ගෙන් අධිකරණ ඇමති කළ හදිසි ඉල්ලීම

ශ්‍රී ලංකාවේ වාසය කරන සියළුම මුස්ලිම්වරුන්ගෙන් අධිකරණ ඇමති කළ හදිසි ඉල්ලීම

රටේ සියළුම මුස්ලිම් ජනතාවට වහාම කොවිඩ් මර්දන එන්නත ලබා ගෙන රටේ සෞඛ්‍ය ක්‍රියාදාමයට සහයෝගය දක්වන ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා හදිසි ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

ශ්‍රී ලංකාවේ වාසය කරන මුස්ලිම් ජන ප්‍රතිශතය මුළු ජනගහනයෙන් 10% ක්‌ පමණ වේ. මෙවැනි තත්ත්වයක් තුළ, කොවිඩ් ආසාදනය වී මිය යන අය අතුරින් 40% ක් පමණ මුස්ලිම් අය වීම කනස්සල්ලට කරුණකි. කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම හානි කර යැයි වැරදි මත මුස්ලිම් ජනයා අතර පැතිරෙමින් පවතී. මේ නිසා මුස්ලිම්වරුන්ගෙන් ඇතැම් අය කොවිඩ් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පොලීසිය මා වෙත ඔවුන්ගේ දැඩි කනස්සල්ල පළ කළහ. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම එන්නත අනුමත කර ඇති අතර, මෙයින් කිසිඳු අහිතකර බලපෑමක් නොමැති බවද තහවුරු කර ඇත.

එහෙයින්, මෙම කරුණ සම්බන්ධයෙන් කිසිවෙකු කිසිඳු සැකයක් හෝ බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැත.

එම නිසා, වහාම සියළුම මුස්ලිම් ජනතාව විශේෂයෙන්ම, වයස අවුරුදු 60ට වැඩි සියළුම දෙනා කොවිඩ් මර්දන එන්නත ලබා ගෙන තමනුත්, තම පවුලේ උදවියත් මරණයෙන් ආරක්ෂා කර ගනිමින්, රටේ සෞඛ්‍ය ක්‍රියාදාමවලට සහාය දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් දැන්වීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *