විරුද්ධ පක්ෂය පැවසූ පරිදි, කාබනික පොහොර ටොන් 96,000ක් චීනයෙන් ඇනවුම් කරයි

මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 16,000ක්

2022/23 මහ කන්නයේ වී වගාවට රසායනික පොහොර 70%ක් හා කාබනික පොහොර 30%ක් - කෘෂිකර්ම මහාචාර්යවරුන්

කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96000ක් මෙරටට ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා පවසයි.

ඒ අනුව නයිට්‍රිජන් 10%ක් අඩංගු කාබනික පොහොර තොගයක් සහ නයිට්‍රිජන් 15% හා ඇමෝනියා අම්ලය 80%ක් අඩංගු පොහොර කුඩු මෙට්‍රික් ටොන් 3000ක් ආනයනය කිරීමට නියමිත බව සඳහන්.

එම පොහොර තොග චීනයෙන් ආනයනය කිරීම සඳහා ඇනවුම් කර ඇති අතර ලබන මස 25 වනදා වනවිට ඒවා මෙරටට ලැබෙනු ඇති බවත් අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මෙම කාබනික පොහොර තොග ලබන මහ කන්නය සඳහා වී වගාව වෙනුවෙන් පමණක් නිකුත් කිරීමට තීරණය කර ඇති අතර සෙසු බෝග සඳහා අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීමට සමාගම් 30ක් මේ වනවිට අවසර ඉල්ලා ඇති බවත් වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *