“වත්මන් ආණ්ඩුව අන්ත දූෂිතයි, කාලකන්නියි – ඔවුන් කරන සෑම පිස්සු වැඩකටම අපිට වගකියන්න බෑ” – ඉරාජ් කියයි

"රටේ දේශපාලනය අන්ත දූෂිත, කාලකන්නි තැනක්; වත්මන් ආණ්ඩුව කරන සෑම පිස්සු වැඩකටම අපිට වගකියන්න බෑ" - ඉරාජ් ඉල්ලා අස්වුන හේතුව කියයි !

"රටේ දේශපාලනය අන්ත දූෂිත, කාලකන්නි තැනක්; වත්මන් ආණ්ඩුව කරන සෑම පිස්සු වැඩකටම අපිට වගකියන්න බෑ" - ඉරාජ් ඉල්ලා අස්වුන හේතුව කියයි !

රටේ දේශපාලනය අන්ත දූෂිත, කාලකන්නි තැනක් බවත් එය වෙනස් කිරීම සඳහා පරම්පරා කීයක් ගතවනු ඇතිද යන්න හිතාගත නොහැකි බවත් පසුගියදා ජාතික තරුණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස් වූ ප්‍රකට සංගීතඥ ඉරාජ් වීරරත්න මහතා පවසනවා.

2019 වසරේ එවකට පැවති තත්වය අනුව තවදුරටත් ඉදිරියට යා නොහැකි නිසා ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් වූ බවත්, ඒ අනුව ඒ සඳහා මැදිහත් වූ බවත් ඔහු සඳහන් කරනවා. එසේ කළ පමණින් වත්මන් ආණ්ඩුව කරන සෑම පිස්සු වැඩකටම වගකීමට නොහැකි බව පෙන්වා දෙන ඉරාජ් පවසන්නේ ඒ අනුව තමා තනතුරුවලින් ඉවත් වී සංගීත කටයුතු වෙනුවෙන් මැදිහත්වීමට තීරණය කළ බවයි.

මහින්ද රාජපක්ෂගේ පුතෙකු විසින් තමාට පහරදුන් බවට අභූත චෝදනා එල්ල කරන්නේ සීයට තුනේ අය බවත්, ඔවුන් ජනතාව රවටා ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් සංවිධානාත්මක ලෙස අසත්‍ය ප්‍රචාර සමාජගත කරන බවත් ඉරාජ් වීරරත්න මහතා පවසනවා. තමාට පහරදුන් බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හමුවීම තබා තමා පසුගිය දිනවලදී නිවසින් එළියට හෝ නොගිය බවත් ඔහු සඳහන් කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *