“සීනි වැඩි මිලට අළෙවි කර රු.100ක් ලාබ ලැබීම අපරාධයක්; කරන්න දෙයක් නෑ’’ – පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය

“සීනි වැඩි මිලට අළෙවි කර රු.100ක් ලාබ ලැබීම අපරාධයක්; කරන්න දෙයක් නෑ’’ - පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය

“සීනි වැඩි මිලට අළෙවි කර රු.100ක් ලාබ ලැබීම අපරාධයක්; කරන්න දෙයක් නෑ’’ - පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය

සීනි කිලෝකවක් රුපියල් 210කට අළෙවි කර කිලෝවකින් රුපියල් 100ක් ලාබ ලැබීම අපරාධයක් බවත් වෙළදුන් සහ තොග පිළිබඳ සියලු තොතුරු දැන සිටිය ද කළයුතු දෙයක් නොමැති බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

සීනි කිලෝවක සිල්ලර මිල පසුගිය සතියේ රුපියල් 160 ක්ව පැවැති අතර ඒ අනුව සතියක් තුළ සීනි කිලෝවක මිල රුපියල් 50 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මේ ආකාරයට මිල වැඩි කිරීම ඉතාමත් අසාධාරණ බව කී අමාත්‍ය අලගියවන්න මහතා වෙළෙඳුන් නීතිය ස්ථාපිත වීමට පෙර ලාභ ලැබීමේ අරමුණින් මේ සඳහා පෙළඹී ඇති බවත් සඳහන් කළේය.

වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර අලෙවිකරණ පුද්ගලයන්ට එරෙහිව දඩ මුදල් වැඩි කිරීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබුණ ද පාර්ලිමේන්තුවේ පළමුවර කියවීමට යොමු කර ඉන් පසුව එය නීතියක් බවට පත්වීම ප්‍රමාද වී ඇති බවත් ඒ හේතුවෙන් තමන්ට ද කරන්න දෙයක් නොමැති බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩි දුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *