“සීනි ජාවාරම වගේම කෘමිනාශක ජාවාරමකට ආණ්ඩුව සූදානම්”- නලීන්; “රාසායනික පොහොර තහනමද රිවස්”- මනුෂ

"සීනි ජාවාරම වගේම කෘමිනාශක ජාවාරමකට ආණ්ඩුව සූදානම්"- නලීන්; "ගැසට් ගණනාවක් රිවස් කළ ආකාරයෙන් රාසායනික පොහොර තහනමද රිවස්"- මනුෂ

"සීනි ජාවාරම වගේම කෘමිනාශක ජාවාරමකට ආණ්ඩුව සූදානම්"- නලීන්; "ගැසට් ගණනාවක් රිවස් කළ ආකාරයෙන් රාසායනික පොහොර තහනමද රිවස්"- මනුෂ

කෘෂි රසායන ගෙන්වීම තහනම් කරමින් ආණ්ඩුව පනවා තිබූ ගැසට් නිවේදනය කැබිනට් මණ්ඩලය හරහා රිවස් කරමින් කෘෂි රසායන ගෙන්වීමට එක් සමාගකට අවසර ලබාදීමට සූදානම් වන බවත්, ආණ්ඩුව යළිත් වරක් ගජ මිතුරන්ට සැලකීමට උත්සාහ ගනිමින් සිටින්නේදැයි ප‍්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පවසනවා.

මීට පෙර ගැසට් ගණනාවක් රිවස් කළ ආකාරයෙන් රාසායනික පොහොර තහනමද රිවස් කිරීමට සූදානම් වන බවයි (25) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කොරෝනාව ගරාණාවක් බවට පත් කර ගනිමින් නිරෝධායනයෙන්, ඇන්ටිජන් ටෙස්ට් කිට්වලින් මුදල් ගරා ගැනීමට අවස්ථාව සලසා දුන් ආකාරයෙන්ම කෘෂි රසායන ගෙන්වීම එක් සමාගමකට පැවරීම හරහා ඔවුන්ට ගොවීන් සූරාකෑමට අවස්ථාව ලබා දීමට සූදානම් වන්නේද යන සැකය මතුවන බවද නානායක්කාර මහතා පවසනවා.

මේ අතර සීනි ජාවාරම හා සමානම කෘමිනාශක ජාවාරමකට රජය සූදානම් වන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

“කෘමිනාශක සහ දිලීරනාශක වර්ග තියෙනවා 114ක් විතර. මේකෙන් 35ක් නැවත ආනයනය කරන්න කැබිනට් පත්‍රිකාවක් ඇවිල්ලා තියෙනවා. 100%ක් කාබනික වගාවට යනවා කියපු රාජපක්ෂ ආණ්ඩුව මේකත් රිවර්ස් කරලා තියෙන්නෙ. එක ප්‍රශ්නයක් තමයි මේ කෘමිනාශක වර්ග 35න් සීයට අනූවක්ම සමාගම් 29ක් තියෙනවා ඒ සමාගම් 29න් එක සමාගමක් තමා මේ රටට ගේන්නෙ.

ඒ වගේම මෙතන දිලීරනාශක සහ කෘමිනාශක ඇතුළත්, හැබැයි වල්නාශක ඇතුළත් වෙලා නෑ. වී වගාවට අත්‍යාවශ්‍ය දෙයක් තමයි වල්නාශක. මං දන්නෑ රජය මේකට මොකක්ද දරණ ස්ථාවරය කියන එක. නැවත වතාවක් අර මහා සීනි ජාවාරම වගේ කෘමිනාශක ජාවාරමකට තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ”

නලීන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *