පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ප්‍රකාශයක් කළ තරුණයාගෙන් CIDය පැය 7ක් ප්‍රශ්න කරයි

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ප්‍රකාශයක් කළ තරුණයාගෙන් CIDය පැය 7ක් ප්‍රශ්න කරයි

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ප්‍රකාශයක් කළ තරුණයාගෙන් CIDය පැය 7ක් ප්‍රශ්න කරයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කරන ලෙසත් එහි වින්දිතයින්ට යුක්තිය ඉටු කරන ලෙසත් ඉල්ලමින් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සමාජ ක්‍රියාකාරික ෂෙහාන් මාලක ගමගේ මහතාව (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුගෙන් පැය 07ක් තිස්සේ දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා (26)ත් එහි පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

“පාස්කු සිද්ධියේ මේ දක්වා මම සම්බන්ධ වෙච්ච කරුණු ගැන විමර්ශනයක් සහ ඒ අදාළ කරුණු සටහන් කරගත්තා. හෙට දවසේදී පහුගිය දවස්වල ඒ කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් සටහන් කරගන්නවා කියන එක තමයි කිව්වෙ. මම බොහොම කැමැත්තෙන් සැදී පැහැදී ඉන්නවා මේ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් සත්‍ය හෙළිකරගැනීම වෙනුවෙන් අපට දෙන්න පුළුවන් දායකත්වය දෙන්න” යනුවෙනුයි ඔහු ප්‍රශ්න කිරීමට ලක්වීමෙන් අනතුරුව පිටතට පැමිණ මාධ්‍ය වෙත පැවසුවේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *