(Video) ‘මා දැන් සුවෙන්‘‘ – අජිත් රෝහණ කොරෝනා වාට්ටුවේ සිට මාධ්‍ය අමතයි

“මා හොඳින් මා ගැන සොයා බලා මට ඉක්මන් සුවය පැතුවූ ඔබට බොහොම ස්තුතියි..”

කෝවිඩ් රෝගය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හිටපු මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සිය මුහුණු පොත ඔස්සේ තමන් සුවෙන් බවට ප්‍රකාශයක් සටහන් කර ඇත.

“මට දැන් හොඳයි. තව දවස් තුන හතරකින් යන්න පුළුවන් කිව්වා. මට අමාරුයි කියලා කියල වෙන කෙනෙකුගේ ෆොටෝ එකක් දාලා තිබ්බා. මට ඉක්මන් සුවය පතල දාලා තිබ්බා. ඒකට සතුටුයි…” යනුවෙන් ද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තම මුහුණු පොතේ එසේ සටහන් කර තිබේ .

කොරෝනා ආසාදිතව දැනට රෝහල්ගතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා අද පෙරවරුවේ ස්වර්ණවාහිනී නාලිකාව සමග සම්බන්ධ විය.

ඔහු සඳහන් කළේ තමන් අසාධ්‍ය තත්වයට පත් නොවූ බවත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් නොකල බවත්ය.

කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් වැරදි මතයන් සමාජගත කිරීම මගින් එම ආසාදිතයන්ට සහ පවුලේ උදවියට බලවත් අපහසුතාවයන් ඇතිවන බව පැවසූ ඔහු පොලිස් නිලධාරියෙකු ලෙස තමන් එම තත්වයන් දරාගත හැකි වුවද රටේ බොහෝ පිරිසකට එම තත්ත්වයක් කළමනාකරණය ගත නොහැකි බවද කියා සිටියේය.

එනිසා ආසාදිතයන් සම්බන්ධයෙන් පුවත් පළ කිරීමේදී ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *