මහනුවර දළදා පෙරහැර සාර්ථකව අවසන් වේ

රටට කුමන අභියෝග සහ බාධක පැමිණිත් අතහැරිය නොහැකි ජාතික වගකීම් සහ යුතුකම් රැසක් තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

දළදා සමිඳු වෙනුවෙන් කැපවීමෙන් පවත්වන පුද පූජාවලට ප්‍රමුඛ ස්ථානයක් ලබාදිය යුතු බවත් දළදා සමිදු වෙනුවෙන් කරන කැපකිරීම රට සහ ජාතිය වෙනුවෙන් කරන කැපකිරීමක් ලෙස සළකන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මහනුවර දළදා පෙරහැර සාර්ථකව අවසන් කළ බවට ජනාධිපතිවරයාට දැනුම්දීම සඳහා මහනුවර ජනාධිපති මන්ධිරයේදී අද පැවැති උත්සවයේදී ජනාපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.

දළදා පෙරහැර සාර්ථකව අවසන් කළ බව එහිදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ, ප්‍රදීප් නිලංග දෑල මහතා ජනාධිපතිවරයාට නිල මවශයෙන් දැනුම් දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *