මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා ඊයේ(24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා ට කොවිඩ් ආසාදනයවීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහු මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය.

මංගල සමරවීර මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

1983 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායකවරයා වශයෙන් දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා 1989 වර්ෂයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වුණි.

1994 වර්ෂයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා පසුව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී 2015 වර්ෂයේදී යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *