මගේ වැටුප පරිත්‍යාග කරන්න විදියක් නෑ, ඒක සම්පූර්ණයෙන්ම ලෝන් එකකට කැපෙනවා – පියල් නිශාන්ත

මගේ වැටුප පරිත්‍යාග කරන්න විදියක් නෑ, ඒක සම්පූර්ණයෙන්ම ලෝන් එකකට කැපෙනවා - පියල් නිශාන්ත

මගේ වැටුප පරිත්‍යාග කරන්න විදියක් නෑ, ඒක සම්පූර්ණයෙන්ම ලෝන් එකකට කැපෙනවා - පියල් නිශාන්ත

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ වැටුප කොවිඩ් මර්දනය සඳහා පරිත්‍යාග කිරීම තමන් ඉහළින්ම අගය කරන නමුත් එවැනි පරිත්‍යාගයක් කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බවත් තමන්ගේ මාසික වැටුප සම්පූර්ණයෙන්ම බැංකු ණය වාරිකයක් වශයෙන් කැපී යන බවත් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

“පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයෙක් හැටියට පත් කරන්නට ඒ ඒ දිස්ත්‍රික්කවල ඒ ඒ ප්‍රදේශවල ජනතාව දැවැන්ත කැපකිරීම් කරලා තමයි මෙවැනි මහජන නියෝජිතයෙක්ව නිර්මාණය කරන්නෙ. මහජන නියෝජිතයෙක් පත් කරනවා කියන එකේදි විශේෂයෙන්ම ජනතාව කරන කැපවීම පොඩි නෑ. ඉතිං ඒක නිසා මහජන නියෝජිතයෝ හැටියට අපේ යුතුකම තමයි මේ වගේ ගෝලීය කොවිඩ් ව්‍යසනයත් එක්ක තමන්ගෙ ජීවිතය, පණ රැකගන්නට මහත් සටනක යෙදෙන අවස්ථාවේදී තමන්ගෙ පාක්ෂික ජනතාව සහ මේ රටේ අහිංසක ජනතාව එවැනි බොහොම දුක්ඛිත කාලවකවානුවක් නම් පහු කරන්නෙ මහජන නියෝජිතයකුගෙ කාර්යභාරය තමයි ඒ එයාට දෙන්න පුළුවන් උපරිම හයිය ශක්තිය ජවය ලබාදෙන එක.

ඉතිං ඒක නිසා මම දකින්නෙ ඉතාමත්ම හොඳ කාර්යයක් මහජන නියෝජිතයින් හැටියට ඒ අය ඉටු කරනවා. එහෙම තමන්ගෙ වැටුප ලබාදීම මං හිතන්නෙ හොඳ සද්ක්‍රියාවක් හැටියට තමයි දකින්නෙ.

හැබැයි මට කියන්න තියෙන්නෙ පැහැදිලිවම මට එහෙම වැටුප පරිත්‍යාග කරන්න විදියක් නැහැ. එහෙම වැටුප පරිත්‍යාග කරන්න විදියක් නැත්තෙ මොකද මේ පාර්ලිමේන්තුවේම තියෙන බැංකුවෙන් ගත්තු ලෝන් එකට මගෙ වැටුප සම්පූර්ණයෙන්ම ලෝන් එක සඳහාම තමයි වෙන් වෙලා තියෙන්නෙ. ඉතිං එවැනි අවස්ථාවකදී මට තියෙන ආර්ථික හයියත් එක්ක කොහෙත්ම එවැනි දෙයක් ක්‍රියාත්මක කරන්නට අපහසුතාවයක් තියෙනවා”

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මේ බව පැවසුවේ (23) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *