නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් : එක් නිවෙසකින් පිටවිය හැක්කේ එක් පුද්ගලයකුට පමණි

කොවිඩ් රෝගය යළිත් මතුවීමේ අවදානමක්; කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හතරම ලබාගැනීම වැදගත් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොවිඩ් රෝගය යළිත් මතුවීමේ අවදානමක්; කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හතරම ලබාගැනීම වැදගත් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොරෝනා පාලනය සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් (18) නිකුත් කෙරුණු අතර එම මාර්ගෝපදේශවලට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එක් නිවෙසකින් පිටවිය හැක්කේ එක් පුද්ගලයකුට පමණක් බව සඳහන් වෙයි.

එසේ පිටවිය හැක්කේද අත්‍යවශ්‍ය රාජකාරි සහ ඖෂධ මිලදී ගැනීම සඳහා පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මේ අතර වැඩමුළු, සන්නාම එළිදැක්වීම්, හමු හා සම්මන්ත්‍රණ යනාදිය තහනම් කර ඇත. ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරේ.

මෙම මාර්ගෝපදේශ සංග්‍රහය අනුව (18) සිට ක්‍රියාත්මක වන පරිදි සම්බාහන මධ්‍යස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ථ ක්‍රීඩාගාර, ළමා උද්‍යාන, පිහිනුම් තටාක වසා දැමිය යුතුවේ.

කෘෂිකාර්මික ධීවර සහ කාර්මික අංශයේ කටයුතු කළ යුත්තේ දැඩි සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලවය.

සුපිරි වෙළෙඳසල් සඳහා පුද්ගල ධාරිතාවයෙන් සියයට 25 කට පමණක් අවසර ලැබෙන අතර සාප්පු සංකීරණ (18) සිට විවෘත කිරීම තහනම්ය.

සංගීත සංදර්ශන, මුහුදු වෙරළ ආශ්‍රිතව පවත්වනු ලබන සාද විනෝද සැණකෙළි ආදිය පැවැත්වීමටද අවසර හිමි වන්නේ නැත.

පෙර පාසල් පාසල් හා උසස් අධ්‍යාපන ආයතන සහ අමතර පන්ති නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවෙන් නිර්දේශ කර ඇත.

එසේම ආගමික ස්ථානවල ජනතාව ඒකරාශි වීමේ අවස්ථාවන්ට අවසර හිමි නොවන අතර ගෘහස්ථ සහ එළිමහන් කිසිදු සාදයකට අවසර හිමි නොවුණු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *