චීනයෙන් ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 2,000ක (රු. බිලියන 61.5ක) මූල්‍ය පහසුකමක්

චීනයෙන් ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 2,000ක (රු. බිලියන 61.5ක) මූල්‍ය පහසුකමක්

චීනයෙන් ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 2,000ක (රු. බිලියන 61.5ක) මූල්‍ය පහසුකමක්

චීන සංවර්ධන බැංකුව විසින් යුවාන් මිලියන 2,000ක (රු. බිලියන 61.5ක) මූල්‍ය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.

මේ සඳහා වූ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනයේ සිටින තානාපති – ආචාර්ය පාලිත කොහොන මහතා හා චීන සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ජාත්‍යන්තර සහයෝගිතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් – වාං වෙයි මහතා (17) අත්සන් තබා ඇත.

එය දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 61.5ක මුදලකි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි අදාළ මූල්‍ය පහසුකම ලබාදුන් බව එම පණිවුඩයේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වෙනුවෙන් සහ ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවරභාවය සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම යන අංශ වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම ලබාදීමට චීන සංවර්ධන බැංකුව කටයුතුකර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *