ලංකාව ඉන්දියාවට වඩා 15 ගුණයක් භයානක තැනක – සංඛ්‍යාලේඛන ව්‍යාජ ලෙස සකස් කරනවා

අද වන විට ශ්‍රී ලංකාව සිටින්නේ ඉන්දියාව මෙන් පහලොස් ගුණයක් නරක තත්වයක බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
මිලියනයකට දෛනික මරණ අනුපාතය අනුව ලංකාව සිටින්නේ දෙවන ස්ථානය බවත් සතිපතා මරණ අනුපාතය අනුව ශ්‍රී ලංකාව හතරවන ස්ථානයේ සිටින බවත් ඔහු පෙන්වා දෙයි.
නමුත් මෙම වසංගතයේ සත්‍ය සංඛ්‍යාලේඛන හෙළි නොකර ඒවා ව්‍යාජ ලෙස සකස් කරමින් ප්‍රසිද්ධ කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.
යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙක් ප්‍රධාන කණ්ඩායමක් විසින් මෙරට සිදුවන දෛනික මරණ සංඛ්‍යාව 150කට පමණ අඩු කරන බව ද ඔහු සදහන් කළේය. පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.