හයිටි රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්, 1300කට ආසන්න පිරිසක් මරුට

හයිටි රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්, 1300කට ආසන්න පිරිසක් මරුට

හයිටි රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්, 1300කට ආසන්න පිරිසක් මරුට

හයිටි රාජ්‍යයට ප්‍රබල භූ කම්පන තත්ත්වයක් ඇතිවී තිබේ. රිච්ටර් මාපකයේ ඒකකය 7.2ක ප්‍රබලත්වයක් එහි සටහන්ව ඇති බවද වාර්තා වේ.
ඒ හේතුවෙන් පුද්ගලයින් 1300කට ආසන්න පිරිසක් මිය යන්නට ඇති බවත් තුවාල ලැබූ පිරිස 5,700ක් පමණ වියහැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැරිබියන් කලාපයටම භූ චලනයේ බලපෑම දැනී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූ කම්පනයෙන් පසු හයිටියට සහ අසල්වැසි රටවල් කීපයකට සුනාමි අනතුරු ඇගවීම් පවා නිකුත් කෙරුණි.
හයිටි පුවත් සේවා වාර්තා කර ඇත්තේ, අඩි 10ක් පමණ උසැති මුහුදු රළ හයිටි වෙරළට කඩා වැදුණු බවය.

2010 වසරේ ජනවාරි මාසයේ, හයිටියට බලපෑ අතිප්‍රබල මෙන්ම බිහිසුණු භූ කම්පනයකින් එරට අගනගරය වන පෝට් ඕ ප්‍රින්ස් මුළුමනින්ම පාහේ විනාශ වී තිබුණි. එහිදී මියගිය ගණන ලක්ෂ 2 ඉක්මවූ අතර තුවාල ලැබූ ගණන ලක්ෂ 3 ඉක්මවනු ලැබීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *