කොරෝනා අස්සේ වයෝවෘද්ධ මව්පියන් රෝහල්වල දමා යන ප්‍රවණතාවක්

කොරෝනා අස්සේ වයෝවෘද්ධ මව්පියන් රෝහල්වල දමා යන ප්‍රවණතාවක්

කොරෝනා වසංගතය රටපුරා ව්‍යාප්ත වෙද්දී, කොරෝනා වසංගතය රටපුරා ව්‍යාප්ත වෙද්දී, වයෝවෘද්ධ පුද්ගලයින් කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙනවිත්, ඔවුන් මුළා කොට, අතහැර දමා යාමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි, කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

එලෙස රැගෙන ආ වයෝවෘද්ධ කාන්තාවන් හා පුද්ගලයන් හයදෙනෙකු ඉකුත් 12 සහ 13 දෙදින වාර්තා වූ බව වෛද්‍යවරයා වැඩිදුරටත් කීය.

මෙම කාන්තාවන් හා පුද්ගලයින් අතර විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන් සිටින බවත්, ඇතැමුන්ට සිහිකල්පනාව හෝ නොමැති බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටී.

කොරෝනා වසංගත තත්ත්වයක් රට පුරා ව්‍යාප්ත වී ඇති මෙම අවස්ථාවේදී වයෝවෘද්ධ වැඩිහිටියන් නිවස තුළම රඳවා ගනිමින් රැකබලාගත යුතු අවස්ථාවක, මෙසේ රැගෙන විත් අතහැර දමා යාම, බරපතළ වරදක් බවත්, එය සදාචාරසම්පන්න නොවන ක්‍රියාවක් බවත් වෛද්‍ය බෙල්ලන මහතා පෙන්වා දෙයි.

අති සුඛෝපභෝගී වාහනවලින් වයෝවෘද්ධ පුද්ගලයන් මෙසේ රෝහලට රැගෙනවිත් බාහිර ප්‍රතිකාර ඒකකයේ රඳවා, වෛද්‍යවරයා හමුවීමට යැයි පවසා මුලාකොට, මෙසේ, අතහැර දමා යාමට පුරුදුව ඇතැයි පැවසේ.

ඉන් සමහර පුද්ගලයිගේ පවතින රෝගී තත්වයන් හේතුවෙන් ප්‍රතිකාර සඳහා වාට්ටු වලට යොමු කර ඇති අතර, සෙසු පුද්ගලයන් රෝහල් පරිශ්‍රයේ රැදී සිටින බව කියා සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *