රජයේ දිනක මුළු වියදම රු.කෝටි 1,398ක්, දිනක මුළු ආදායම රු.කෝටි 400ක් දක්වා පහතට

රජයේ දිනක මුළු වියදම රු.කෝටි 1,398ක්, දිනක මුළු ආදායම රු.කෝටි 400ක් දක්වා පහතට
මේ වන විට රජයේ දිනක මුළු ආදායම රුපියල් කෝටි 400ක් දක්වා පහත වැටී ඇති අතර, ණය වාරික සහ පොලී ගෙවීමට දිනකදී රුපියල් කෝටි 563ක් ද දිනක මුළු රජයේ වියදම රුපියල් කෝටි 1,398ක් ද වන බව පාර්ලිමේන්තුවේදී හෙළිකර තිබේ.
පසුගිය 03වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ 2020 ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් විවාදයේදී මෙම කරුණු ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක හෙළිකර තිබිණි. මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා මාස හතරක් තුළදී රජය ලබාගෙන ඇති මුළු ආදායම රුපියල් කෝටි 48,200ක් වී ඇත.
එහෙත් එම කාලය තුළදී ණය පොලී වශයෙන් රුපියල් කෝටි 36,600ක් ද ණය වාරික වශයෙන් රුපියල් කෝටි 31,000ක් ද ගෙවා ඇති බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය. එම කාර්යයට අදාළව රජයේ මුළු වියදම රුපියල් කෝටි 167,800ක් බව එහිදී හෙළිකර තිබිණ. මෙම වර්ෂය වෙනුවෙන් රජයේ ඇස්තමේන්තු ගත ආදායම රුපියල් කෝටි 196,100ක් වී තිබුණ ද, වසරේ මුල් මාස තුනට සාපේක්ෂව ලබාගත හැකි මුළු ආදායම උපරිම වශයෙන් රුපියල් කෝටි 15,000ක් වන බවද පෙන්වාදී තිබේ.