බදු ඉවත් කිරිම පමණක් ප්‍රමාණවත් නෑ, පැකට්ටුවක මිල රු. 260 කින් ඉහල දැමිය යුතුයි – කිරිපිටි සමාගම්

කිරිපිටි මිල පහළට; කිරිපිටි වෙළඳපොළට ආවම කිරි තේ එක 90ට

කිරිපිටි මිල පහළට; කිරිපිටි වෙළඳපොළට ආවම කිරි තේ එක 90ට

කිරිපිටි ආනයනය සඳහා පනවා තිබූ බදු ඉවත් කිරිම පමණක් ප්‍රමාණවත් නොවන බවත් අවම වශයෙන් කිරිපිටි කිලෝ එකක පැකට්ටුවක මිල රුපියල් 260 කින් ඉහල දැමිය යුතු බවත් කිරිපිටි ආනයනය කරන සමාගම් ප්‍රකාශ කරයි.

“ආණ්ඩුව කිරිපිටි ආනයනය කිරීමේදි අයකල බදු ඉවත් කිරිමට තීරණය කිරීම හොඳ ප්‍රවේශයක්. ඒත් ඒකෙන් කිරිපිටි කිලෝ එකක් සඳහා අපි ලබපු පාඩුව පියවෙන්නේ රුපියල් 35ක් විතරයි. ඒ නිසා අපි කිරිපිටි කිලෝ එකක පැකට්ටුවක් රුපියල් 260 කින් මිල වැඩිකලයුතු යැයි ඉල්ලා සිටිනවා.” කිරිපිටි ආනයනයනරුවන් පවසයි.

කිරිපිටි මිල වැඩි කරන ලෙස ඉල්ලමින් ආනයනනරුවන් විසින් කිරිපිටි ගෙන්වීම නතර කිරීමෙන් පසු වෙළඳපොල් දැඩි කිරිපිටි හිඟයක් ඇතිවු අතර පසුව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් කිරිපිටි ආනයනය කිරීමේදි පනවා තිබු බදු ඉවත් කිරිමට තිරණය කරන ලදි.

මේ ආකාරයටම ගෑස් මිල වැඩිකරන ලෙස ඉල්ලා ලාෆ්ස් ගෑස් සමාගම ගෑස් ගෙන්වීම නතර කරනු ලැබීමෙන් පසු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දමන ලදි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *