මිනිසාට මරණීය තත්ත්වයක් ඇතිකළ හැකි “මාබර්ග්” නම් තවත් වෛරසයක් බටහිර අප්‍රිකාවෙන්

මිනිසාට මරණීය තත්ත්වයක් ඇතිකළ හැකි "මාබර්ග්" නම් තවත් වෛරසයක් බටහිර අප්‍රිකාවෙන්

Fමිනිසාට මරණීය තත්ත්වයක් ඇතිකළ හැකි "මාබර්ග්" නම් තවත් වෛරසයක් බටහිර අප්‍රිකාවෙන්

බටහිර අප්‍රිකාවෙන් මිනිසාට මරණීය තත්ත්වයක් ඇතිකළ හැකි තවත් වෛරසයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි.

ගිනියා රාජ්‍යයේ සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ එම රෝගය “මාබර්ග්” ලෙස නම් කර ඇති බවය. එම වෛරසය හේතුවෙන් එරට පළමු මරණය පසුගියදා වාර්තා විය.

ඒ අනුව බටහිර අප්‍රිකාවෙන් එම වෛරස ආසාදිතයෙක් හමුවී ඇත්තේ පළමු වතාවට බවද වාර්තා වෙයි. “මාබර්ග්” රෝගය ඇතිකරන වෛරසය, ඉබෝලා රෝගය ඇතිකරන වෛරසයට සමානකම් දක්වන බවද වෛද්‍ය විශේෂඥයෝ පැවසුහ. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ එම වෛරසයේ ව්‍යාප්තිය ආරම්භයේදීම පාලනය කළ යුතු බවය.

පලතුරු වවුලන්ගෙන් “මාබර්ග්” වෛරස් රෝගය මනුෂ්‍යයාට සම්ප්‍රේෂණයවන්නට ඇතැයි අනුමාන කරන අතර එය ශරීර ශ්‍රාව ඔස්සේ මිනිසුන් අතර පැතිරයන බවට හඳුනාගෙන ඇත.

එම වෛරස් රෝගය 2005දී ඇන්ගෝලාවේ දරුණු ලෙස පැතිර ගොස් තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *