පාස්කු ප්‍රහාරයේ කොච්චිකඩේ දේවස්ථානයේ බෝම්බකරුගේ පියා සියලූ චෝදනා වලින් නිදහස් කරලා

පාස්කු බෝ්ම්බ ප්‍රහාර මාලාවේ දී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බයක් පුපුරවාගෙන මියගිය අලව්දීන් මොහොමඩ් මුවත් නැමති මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා සියලු චෝදනාවලින් නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

වසර එක හමාරක පමණ කාලයක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර රැඳවුම් නියෝග මත රඳවා තිබුණි.

අදාළ සැකකරු වන අහ්මද් ලෙබ්බේ අලව්දීන් නම් ඔහු සම්බන්ධයෙන් තවදුරටත් නීතියෙන් කටයුතු නොකරන බැවින් ඔහු එම නඩුවෙන් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව මහෙස්ත්‍රාත්වරයා එම සැකකරු නිදහස් කිරීමට නියෝග කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *