Type to search

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

වෙන්නප්පුව කොස්ගස්හන්දිය සතොස ශාඛාවේ සීනි මෙට්‍රික්ටොන් 37ක සොරකමක් සම්බන්ධයෙන් එම ශාඛාවේ කළමනාකාරිනිය අත්අඩංගුවට ගෙන ඇති බව සතොස උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් කලාප කළමණාකරු සහ වැලිසර ගබඩා සංකිර්ණයේ භාරකරුගේ වැඩ තහනම් කර එම දෙදෙනා අත්අඩංගුවට ගැනිම සදහා පොලිසි වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බවද එම නිලධාරියා කීය.

වෙන්නප්පුව කොස්ගස් හන්දිය සතොස ශාඛාව සාමාන්‍යයෙන් මසකට සීනි මෙට්‍රික් ටොන් 4ක් අළෙවි කරනු ලබන අතර පසුගිය සඳුදා මෙම ශාඛාවේ කළමනාකාරිනිය සාමාන්‍ය ඇණවුමට වඩා වැඩි සීනි ඇණවුමක් සතොස වැලිසර තොග ගබඩාවට යොමු කර තිබූ බවත් අදාළ ඇණවුම ප්‍රවාහනය කරන ලද ලොරියේ පැවති සමස්ත සීනි තොගය ශාඛා ගබඩාවට ලබා ගැනීමකින් තොරව තුන්වන පාර්ශවයකට අයත් ලොරි රථයකට පටවා වෙනත් අළෙවිසලක් කරා රැගෙන යමින් තිබියදී සතොස විශේෂ විමර්ශන ඒකකය වෙන්නප්පුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව වැටලීම් සිදු ඇති බවත් එම නිලධාරියා කියයි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *