ඉදිරි මාසය අතිශයින්ම තීරණාත්මකයි, ඉක්මනින් එන්නත ලබාගන්න – ශවේන්ද්‍ර සිල්වා

ඉදිරි මාසයක කාලය අතිශයින්ම තීරණාත්මක නිසාවෙන් රජය විසින් පනවා ඇති සෞඛ්‍ය නිර්දේශයන් දැඩි ලෙස අනුගමනය කරන්නැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික
ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එසේම කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තීකරණ එන්නත්කිසිදු මාත්‍රාවක් ලබානොගත් අයවළුන් සිටී නම් හැකි ඉක්මනින් එන්නත බාගන්නා ලෙසත් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කලේය.

එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් මෙසේද ප්‍රකාශ කළේය.
“තුන්වෙනි මාත්‍රාවක් ලබාදීම මේවන විට බොහෝ රටවල් ආරම්භ කරලා තියෙනවා. ලංකාවේත්තුන්වෙනි මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධන බලකායේ දී සාකච්ඡා කළා. එහිදී ජනාධිපතිතුමා උපදෙස්ලබාදුන්නා අවශ්‍යතාවය පරිදි සියලුම ජනතාවට තුන්වෙනි මාත්‍රාව සඳහා එන්නත් ඇනවුම් කරන්න කියලා. දැනටමත් අපි රටේ ජනතාවගෙන් 93%ක ප්‍රමාණයකට පළමු මාත්‍රාව ලබදී අවසන්. ඒ වගේම 23% ක ප්‍රමාණයකට පළමු සහ දෙවැනි මාත්‍රාවන් ලබා දී අවසන්. ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව අපි බස්නාහිර පලාතෙන් ආරම්භ කරලා මේවන විට දිවයින පුරා එන්නත්කරණය ලබාදීම සිදුකරමින් ඉන්නවා.

දැනට කොවිඩ් වෛරසය නිසා මිය යන පිරිසගෙන් බහුතරය වයස අවුරුදු 60ට වැඩි කිසිදු එන්නතක් ලබා නොගත් අය. ඒ අනුව අපි වයස අවුරුදු 60ට වැඩි පිරිස් වෙනුවෙන් එන්නත්කිරීම යළිත් සිදුකළා. ඒ අනුව මේවන විට යුද්ධ හමුදාව විසින් කොළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී ඇස්ට්‍රාසෙනිකා දෙවැනිමාත්‍රාව, සයිනොෆාර්ම් පළමු සහ දෙවැනිමාත්‍රාවන් ලබාදීම සිදුකරනවා. ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ල සිටිනවා හැකි ඉක්මනින් එන්නතරණ මධ්‍යස්ථානයකට ගොස් තමන්ට අදාළ එන්නත ලබා ගන්න කියලා. විශේෂයෙන්ම අවුරුදු 60ට වැඩි කිසිදු එන්නතක් ලබා නොගත් පිරිස් ඉන්නවා නම් ඔවුන්ට හැකි ඉක්මනින් එන්නත් ලබාගන්න කියලා ඉල්ලා සිටිනවා”. යැයි යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *