හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි – ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අතර දුරකථන සංවාදය සංස්කරණය කරපු එකක්ලූ

හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි - ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවති දුරකථන සංවාදයක්

හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි - ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවති දුරකථන සංවාදයක්

හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ සහ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවති දුරකථන සංවාදයක් සේනාධිපති විසින් පටිගත කර සංස්කරණය කර ඇති බව පරිපාලන අභියාචනා විනිශ්චය සභාව විසින් තහවුරු කර තිබේ.

2019 සැප්තැම්බර් මාසයේදී යූටියූබ් වෙත මුදා හැර තිබූ එකී සංවාදය හේතුවෙන් වික්රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කර අනිවාර්ය සේවා නිවාඩු මත රාජ්ය සේවා කොමිසම විසින් යවන ලදි. විනිශ්චය සභාව තේරීම් කාරක සභාවට නියෝග කර ඇත්තේ ඉහත වැඩ තහනම් කිරීමේ නියෝගය අහෝසි කරන ලෙසත් වහාම ක්රියාත්මක වන පරිදි සොලිසිටර් ජනරාල් තනතුරේ වික් රමසිංහ මහත්මියගේ රාජකාරි කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර දෙන ලෙසත් ය. කෙසේ වෙතත්, වික් රමසිංහ මහත්මිය පසුගිය සිකුරාදා (ජූලි 30) විශ්රාම ගැන්වීමට නියමිතව තිබුනි.

මොරටුව විශ්ව විද්යාලයේ වාර්තාවක් ඇතුළුව විශේෂඥ වාර්තා තුනක් සනාථ කළේ මෙම පටිගත කිරීම සැලකිය යුතු ලෙස සංස්කරණය කර ඇති අතර, එය මූලික හඬපටයෙහි අඩංගු අදහස මූලික වශයෙන් විකෘති කර ඇති බවත්ය.

මේ අතර රජයේ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව්.ජී.ඩී.එල්. ගුණතිලක වික්රමසිංහ මහත්මියට එරෙහි චෝදනා ගැන පරීක්ෂණයක් පවත්වමින් කියා සිටියේ මෙම හඬ පට පටිගත කිරීම ස්ථාන 10 කදී සංස්කරණයට ලක් කර ඇති බවයි.

තීන්දුවේ සඳහන් කර ඇත්තේ, එම පටිගත කිරීම තමා විසින් තම අවශ්යතාවයට ගැලපෙන ලෙස සංස්කරණය කිරීමට ලක් කළ බව මූලික විමර්ශනයේදී නිස්සන්ක සේනාධිපති ප්රකාශයක් මඟින් පිළිගත් බවයි. සංස්කරණය නොකළ පටියක් ඉදිරිපත් කිරීමට ඔහුට අවස්ථාව ලබා දී ඇතත් එය කිරීමටද ඔහු අසමත් විය.

හිටපු අමාත්ය වජිර අබේවර්ධන සමඟ රාත්රී භෝජන සංග්රහයකදී සේනාධිපති ගෙන් දුරකථන ඇමතුමක් ලබා ගැනීමෙන් වික්රමසිංහ මහත්මිය උගුලකට හසුකරගෙන ඇති බව පරීක්ෂණයේදී තහවුරු වී තිබේ. වජිර අබේවර්ධන සිය දුරකථනය වික්රමසිංහ මහත්මියට දිගු කළ අතර ඔහු කියා සිටියේ නිශ්ශංක සේනාධිපති ඇය සමඟ කතා කිරීමට අවශ්ය බව කියන බවයි. ඔවුන්ගේ සංවාදය නීත්යානුකූල ප්රසම්පාදනය පිළිබඳ ප්රශ්නයකට සම්බන්ධ විය.

අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ සේනාධිපති හිතා මතාම උගුලක් අටවා ඔහුගේ අවශ්යතා සඳහා අවශ්යවූ අවස්ථාවක ඇය සමඟ කරන ඕනෑම දුරකථන සංවාදයක් පටිගත කිරීමට පෙර සූදානමකින්න් බලා සිටි බව ඔප්පුවන බවයි.

මේ අතර, සේනාධිපති විසින් ප්‍රකාශයට පත් කරන ලද හා බෙදා හරින ලද බව කියන හඬ පට සහ වීඩියෝ පටය තුළින් තමාට සිදු වූ අලාභය හා හානිය සඳහා රුපියල් බිලියන 2 ක මුදලක් වහාම ගෙවන ලෙස ඉල්ලා වික් රමසිංහ මහත්මිය සේනාධිපති වෙත එන්තරවාසි ලිපියක් ද යවා තිබේ.

https://www.sundaytimes.lk/210801/news/former-solicitor-general-was-interdicted-on-distorted-and-doctored-tape-recording-451256.html

– Rangika Kumari fb

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *