යුද හමුදාව දිවා රෑ නොතකා එන්නත් කරණ වැඩසටහනේ

කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දි පැය 24 පුරා සිදු කෙරෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් කරණ වැඩසටහනේ දී ඊයේ පුද්ගලයන් 19,000 දෙනකුට එන්නත් ලබා දුන් බව යුද හමුදාව කියයි.

එන්නත් ලබා ගැනිම සඳහා විශාල පිරිසක් පෙරේදා රාත්‍රියේදී විහාර මහා දේවී උද්‍යානයට පැමිණ සිටියහ.

මේ අතර කඩවත කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත එන්නත් මධ්‍යස්ථානයේද පෙරේදා සහ ඊයේ (02)දින ඉතා සාර්ථක අයුරින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව යුද හමුදාව විසින් ලබා දුන්නේ. දිවා රෑ නොතකා විශාල පිරිසක් කිරිල්ලවල මහා විදුලේ පිහිටුවා ඇති එන්නත් මධ්‍යස්ථානයෙන් එන්නත් ලබා ගත් බව අප වාර්තා කරුවෝ පවසති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *