නව ව්‍යවස්ථාවක් නැතත් මැතිවරණ සංශෝධන ගේනවා: ජනාධිපති

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැතත් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳ යෝජනා ඉක්මනින්ම ගෙන ඒමට බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ.

ඔහු ඒ බව පවසා ඇත්තේ ශ්‍රීලනිප නියෝජිතයන් සමග ජුලි 26 වැනිදා පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී එම නියෝජිතයන් පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ඉක්මනින් ගෙනෙන ලෙස ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමේදීය.

තමා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉතා කැමැත්තෙන් සිටින බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රීලනිපය නියෝජනය කරමින් එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකර ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිසක් සහභාගි වී තිබේ.

රටේ සංවර්ධන කටයුතුවලට හා ආණ්ඩුකරණ කටයුතුවලට සහභාගි කර නොගැනීම නිසා ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට විශාල බලපෑමක් සිය පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන්ගෙන් එල්ල වී ඇතැයි එහිදී ශ්‍රීලනිප නියෝජිතයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති අතර සංවර්ධන කමිටුවලට ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස හෝ එම පිරිස් පත්කරන ලෙස ඉල්ලා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *