ලංකාවේ ණය ප්‍රමාණය “කෝටි 16,20,000” පනී; ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ හතකට වැඩිය

ලංකාවේ ණය ප්‍රමාණය ට්‍රිලියන16.2 පනී; ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 740,000 කට වැඩිය. මෙයින් රු. 148,000 ක් 2020 ජනවාරි සිට ඉදිරියට මාස 16 තුල

ලංකාවේ ණය ප්‍රමාණය ට්‍රිලියන16.2 පනී; ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 740,000 කට වැඩිය. මෙයින් රු. 148,000 ක් 2020 ජනවාරි සිට ඉදිරියට මාස 16 තුල

**ට්‍රිලියන 1 ක් යනු කෝටි 1,00,000 කි

2020 ජනවාරි සිට 2021 අප්‍රේල් දක්වා මාස 16 තුල ශ්‍රී ලංකා රජය අලුතෙන් රුපියල් ට්‍රිලියන 3.2ක මුදලක් ණය වී ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
අද ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රු. ට්‍රිලියන 16 ඉක්මවා ඇති බවත් එය රොකට් වේගයෙන් ඉහළ යමින් පවතින බවද ඔහු කියා සිටියි. හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් එබව සඳහන් කර ඇත්තේ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

“ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට වැඩි මුදලක් ණය වශයෙන් ගෙවිය යුතුව තිබෙනවා. දිගින් දිගටම මුදල් අච්චු ගැසීම උද්ධමනය ඉහළ යාමට හේතුවක්. සල්ලි අච්චු ගැසුවාට හාල් – පොල් – බිත්තර අච්චු ගසන්නට බෑ. හාල් – පොල් – බිත්තර මිසක් සල්ලි බඩගින්නට කන්න බෑ” ඔහු පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව, 2019 අවසානයේ දී ලංකාවේ දේශීය හා විදේශීය (සමස්ත) ණය ප්‍රමාණය රු. බිලියන 13,031.5 කි.
2021 අප්‍රේල් වන විට එය රු. බිලියන 16,287.8 දක්වා වැඩි වී ඇත. මාස 16 ට වැඩිවීම රු. බිලියන 3256.3 ක් හෙවත් රු. ට්‍රිලියන 3.2 කි.
එනම්, එක පුද්ගලයෙක් අලුතෙන් රුපියල් එක් ලක්ෂ හතලිස් අට දහසක් (රු. 148,000) ණය වී ඇත.

හිටපු ආණ්ඩුකාරවරයාගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට අප රට අද මුහුණ දී සිටී. 87-89 උතුර – දකුණ දෙකම ගිණිගත් අවස්ථාවේ දී ද, චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ පරිවාස ආණ්ඩුවක් සෑදීමට පවා සිදු වු (2001) දි රටේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනය ඉක්මවා ගියේය. 1988 සහ 2003 (ණය දෙකක්) ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලංකාව ලබා ගැනීමට හැකිවිය. පොහොර, ගෑස්, ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම අඛණ්ඩව සිදු කිරිමට එමගින් අවස්ථාව ලැබුණි. රට බංකොලොත් නොවූවේ ඒ නිසාය. ඉතා කෙටි කාලයක් තුල රට මුහුණ දෙන ණය අර්බුදය වටහා ගැනීමට පහසුම මඟක් ඇත. අද රජයේ ණය ප්‍රමාණය රු. බිලියන 16,287.8 කි. (රු. මිලියන 16,287,800) රටේ ජනගහනය මිලියන 22 යැයි සිතමු.

ඒ අනුව, ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 740,000 කට වැඩිය. මෙයින් රු. 148,000 ක් එනම් 20% ක් ණය වී ඇත්තේ 2020 ජනවාරි සිට ඉදිරියට මාස 16 තුල දී ය.

ලංකාවේ නිල ණය ප්‍රමාණය:

ලංකාවේ නිල වශයෙන් ‘ණය ප්‍රමාණය‘ ලෙස සැලකෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත්, රුපියල් ණය සහ විදේශ ණයවල එකතුවයි.

1. සමස්ත දේශීය ණය ප්‍රමාණය රු. බිලියන 9,709.5 කි.

(එයට භාණ්ඩාගාර බිල්පත් බිලියන 1,759.1 ක්, බැඳුම්කර 6,011.9 ක්, රුපියල් ණය බිලියන 24.1 ක් තව තවත් දේ ඇතුලත් වේ)

2. සෘජු විදේශ ණය රු. බිලියන 6,578.3 ක් ඇතුළත්ය.

(1 + 2) සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 16,287.8

ණය අර්බුදයට විසඳුමක් ලෙස විපක්ෂය යෝජනා කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කරා යාමය. රජය එය යථාර්ථියක් නොවන බව පැහැදිලිව හඳුණාගෙන ඇත.

ලංකා ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආදායම ලැබුණේ 2018 (රු. බි. 1950) සහ 2019 (බි. 1900) දී ලැබුණි. 2020 වසරේ එය (බි. 1373) දක්වා පහත වැටුණේ ධනවතුන්ට අසීමාන්තික බදු නිදහසක් ලබාදීමේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය හා කෝවිඩ් අර්බුදය නිසාය.

2021 රු. බිලියන 2019 ක ආදායමක් රජය බලාපොරොත්තු වෙයි. (එය නොලැබෙන බව පැහැදිලිය) රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවන්නට රු. මිලියන 2100 ක් අවශ්‍යය.

ණය වාරික, ණය පොළිය ගෙවීමටවත් රටේ අදායම ප්‍රමාණවත් වන්නේ නැත. රටේ ආදායම වැඩි කර ගැනීමටත්, වියදම් අවම කිරීමටත් රජය තවදුරටත් අසමත් වන්නේ නම් තවදුරටත් ආර්ථික අර්බුදය උත්සන්නවීම නොවැලැක්විය හැකි වනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *