මම දීපු නිවාසවලින් ජනතාව එලවන්නට ආණ්ඩුව සැරසෙනවා – සජිත් ප්‍රේමදාස

ජනතා පීඩනය ආණ්ඩුවට ත්‍රස්තවාදයක් බවට පත්ව ඇත - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජනතා පීඩනය ආණ්ඩුවට ත්‍රස්තවාදයක් බවට පත්ව ඇත - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

යහපාලන රජය යටතේ නිවාස අමාත්‍යංශය මගින් ලබා දුන් නීත්‍යානුකූල නිවාසවලින් ජනතාව එලවන්නට ආණ්ඩුව සැරසෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අහිංසක ජනතාවට එරෙහිව ආණ්ඩුව ගෙන යන මෙම වැඩපිළිවෙලට එරෙහිව සමගි ජන බලවේගය අඛණ්ඩව අරගල සිදු කරන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය. මත්තල ඇත්රජගමදී පැවති හමුවකදී ඔහු මේ ඒ බව පැවසීය.

2017 වසරේදී එවකට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන වකවානුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇත් රජගම,සියත් ලංකාගම,සිරිබරගම,ඇතුළු ගම්මාන පහක් ඉදිකිරීමට කටයුතු කරනු ලැබීය.

මේ වන විට ආණ්ඩුව එම ගම්මාවල නිවාස 213ක පදිංචි නිවැසියන් ඉවත් කොට තමන්ගේ හිතවතුන්ට එම නිවාස සහ ඉඩම් විකිණීමට කටයුතු යොදමින් සිටින බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ජනතාවට හිසට සෙවණක් ලබා දීම පිණිස තමන් විසින් දියත් කරන ලද වැඩසටහනට ආණ්ඩුව කෙනෙහෙලිකම් කළත් සමගි ජන බලවේගය ඉදිරි රජයක් යටතේ සියලු ජනතාවට සාධාරණය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *