(VIDEO) ඩොලර් හිඟයක් නෑ කියා බැසිල් කිව්වා – එස්. එම්. චන්ද්‍රසේන

(VIDEO) ඩොලර් හිඟයක් නෑ කියා බැසිල් කිව්වා. ඩොලර් වෙළෙන්දෝ තමයි හිඟයක් මවාපාන්න හදන්නේ - එස්. එම්. චන්ද්‍රසේන

(VIDEO) ඩොලර් හිඟයක් නෑ කියා බැසිල් කිව්වා. ඩොලර් වෙළෙන්දෝ තමයි හිඟයක් මවාපාන්න හදන්නේ - එස්. එම්. චන්ද්‍රසේන

රටේ ඩොලර් හිඟයක් නැතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට පැවසූ බවත් රටේ ඩොලර් හිඟයක් මවාපෑමට උත්සාහ කරන්නේ ඩොලර් වෙළෙන්දන් විසින් බවත් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

ප්‍රශ්නය – විපක්ෂය චෝදනා කරනවා ආණ්ඩුවේ ඩොලර් සංචිත හිඟවෙමින් තියෙනවා කියලා. මුදල් අමාත්‍යාංශය මේ ගැන මැදිහත්වීමක් කරනවාද ?

“ගරු මුදල් ඇමතිතුමා කියනවා ඩොලර් හිඟයක් නෑ, ඩොලර් තියෙනවා කියලා. මුදල් ඇමතිතුමානෙ දන්නෙ ඩොලර් ගැන. මේ විපක්ෂෙ ඉන්න අය දන්නෑනෙ ඩොලර් ගැන. අනිත් එක ඩොලර් හිඟයක් මවා පාන්නෙ මේ රටේ ඉන්නවා ඩොලර් විකුණන වෙළෙන්දො ටිකක්, ඒ වෙළෙන්දො තමන්ගෙ ඩොලර් එක වැඩියෙන් විකුණාගන්න හිඟයක් මවාපාන්න එක එක ප්‍රකාශ කරනවා. නමුත් මුදල් ඇමතිවරයා හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමා අපිත් එක්ක ආණ්ඩු පක්ෂයේ රැස්වීමෙදි කිව්වා ඩොලර් හිඟයක් නෑ, ඩොලර් ගැන මං බලාගන්නම්, ඒ හින්දා කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නෑ කියලා. ඒ හින්දා අපි පිළිගන්නෙ එතුමාගේ ඒ ප්‍රකාශය තමයි”

අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව පැවසුවේ (25) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *