ජනපති – ශ්‍රීලනිප සාකච්ඡා අස්සේම සාගරගෙන් ශ්‍රීලනිපයට ටොක්කක්

"ආණ්ඩු පක්ෂ සන්ධානයෙහි ප්‍රධාන පක්ෂය ශ්‍රීලනිප නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි"- ජනපති - ශ්‍රීලනිප සාකච්ඡා අස්සේම සාගරගෙන් ශ්‍රීලනිපයට ටොක්කක්

"ආණ්ඩු පක්ෂ සන්ධානයෙහි ප්‍රධාන පක්ෂය ශ්‍රීලනිප නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි"- ජනපති - ශ්‍රීලනිප සාකච්ඡා අස්සේම සාගරගෙන් ශ්‍රීලනිපයට ටොක්කක්

වත්මන් ආණ්ඩු පක්ෂ සන්ධානයෙහි ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රීලනිපය සිහියේ තබාගත යුතුයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරක් මන්ත්‍රීවරු තාමත් ඉන්නේ අර කලින් හිටපු මානසිකත්වයේ. ඒ කියන්නෙ ඔවුන් ප්‍රධාන පක්ෂය කියන මානසිකත්වයේ ඉන්නවා. මොකද මීට කලින් පැවති සන්ධානවල හැමතිස්සෙම ප්‍රධාන පක්ෂය හැටියට හිටියෙ ශ්‍රීලනිපය. එතකොට ඔවුන්ට ඒ සන්ධාන තුළ තිබිච්ච බලය බොහොම වැඩියි. නමුත් මේ වනවිට ශ්‍රීලනිපය සන්ධානයේ ප්‍රධාන පක්ෂය නෙවෙයි. සන්ධානයේ ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.

ඉතිං මං හිතන්නෙ ඒ කාරණය දේශපාලන පරිණතභාවයක් තියෙන එතන ඉන්න නායකයො තේරුම් අරන් තියෙනවා. සමහර අය ඒක තේරුම් අරන් නැතුව විවිධ ප්‍රකාශ කරනවා. නමුත් මං හිතන්නෙ මේ සියල්ල විසඳාගෙන සුබවාදී ලෙස ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා අපි පක්ෂයක් හැටියට විශ්වාස කරනවා, ප්‍රාර්ථනා කරනවා”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *