ජපානයෙන් ඇස්ට්‍රාසොනිකා එන දවස නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි – චන්න ජයසුමන

බූස්ටර් එන්නත නොගෙන විනෝද සවාරි ගියහොත් කොවිඩ් සුනාමියක් - චන්න ජයසුමන

බූස්ටර් එන්නත නොගෙන විනෝද සවාරි ගියහොත් කොවිඩ් සුනාමියක් - චන්න ජයසුමන

ඇස්ට්‍රාසොනිකා පලමු එන්නත ලබාගෙන දෙවන එන්නත නැතිව බලා සිටින ලක්ෂ 6කට ආසන්න පිරිසට ලබා දිමට ජපානයෙන් ගෙන්වනවා යැයි කියු ඇස්ට්‍රාසොනිකා එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙන දිනයක් ගැන නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.
රජය විසින් මීට පෙර ප්‍රකාශ කර තිබුනේ ජුලි මස 21දා වන විට කොවැක්ස් පහසුකම යටතේ ජපානයෙන් ශ්‍රී ලංකාවට ඇස්ට්‍රාසොනිකා මිලියන 1.4ක් ලැබෙන බවයි.

ඇස්ට්‍රාසොනිකා දෙවන මාත්‍රාව නොමැතිව දැඩි ජීවිත අවධානමකට පත්ව සිටින ජනතාවට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කලද ජපානයෙන් ඇස්ට්‍රාසොනිකා එන්නත් තොගයක් මේ මස ලැබෙන බව පවසා රාජ්‍ය ඇමති චන්න ජයසුමන විසින් ෆයිසර් දෙවන එන්නත ලබා දීම නවතා දමන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *