පෙගසස් මෘදුකාංගය හරහා ප්‍රකට පුද්ගලයින්ගේ දත්ත ලබාගැනීම : සොයා බැලීමට ඊශ්‍රායල විද්වත් කොමිසමක්

පෙගසස් හරහා ප්‍රකට පුද්ගලයින්ගේ දත්ත ලබාගැනීම : සෙවීමට ඊශ්‍රායල විද්වත් කොමිසමක්

පෙගසස් හරහා ප්‍රකට පුද්ගලයින්ගේ දත්ත ලබාගැනීම : සෙවීමට ඊශ්‍රායල විද්වත් කොමිසමක්

පෙගසස් මෘදුකාංගය භාවිත කරමින් ලොව ප්‍රකට පුද්ගලයින්ගේ දත්ත ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ඊශ්‍රායලය කොමිසමක් පත්කර තිබේ. අදාළ මෘදුකාංගය නිර්මාණය කර ඇත්තේ එන්. එස්. ඕ. නමැති ඊශ්‍රායල සමාගමක් විසිනි.

ඊශ්‍රායල ආරක්ෂක කමිටුවේ ප්‍රධානියා සඳහන් කළේ විද්වතුන්ගෙන් සමන්විත අදාළ කොමිසම එම මෘදුකාංගය සඳහා අවසර දීමේ සිට සියලු කරුණු පිළිබඳව සොයාබලනු ඇති බවයි.

රාජ්‍ය නායකයින් 14 දෙනෙකු, මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයින් ඇතුළු පුද්ගලයින් 50000 කගේ පමණ දත්ත අදාළ මෘදුකාංගය හරහා ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වේ.

එන් එස් ඕ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සඳහන් කර ඇත්තේ අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳව සතුටු වන බව ඔහු ප්‍රකාශ කළේ ඒ හරහා සිය නිවැරදිභාවය පෙන්වීමට හැකි බවද සඳහන් කරමිනි.

අදාළ මෘදුකාංගය තහනම් කරන්නැයි, මේ වන විටත් ඊශ්‍රායල ආණ්ඩුවට ඉල්ලීම් රැසක් ඉදිරිපත්ව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *