ටියුනීසියානු ජනාධිපති, අගමැතිව ධුරයෙන් ඉවත්කර, පාර්ලිමේන්තුවේ සියලු කටයුතු අත්හිටුවයි

ටියුනීසියානු අගමැති හිචෙම් මෙචිචි ධුරයෙන් ඉවත්කර, පාර්ලිමේන්තුවේ සියලු කටයුතු අත්හිටුවා ජනාධිපතිගෙන් නිවේදනයක්

ටියුනීසියානු අගමැති හිචෙම් මෙචිචි ධුරයෙන් ඉවත්කර, පාර්ලිමේන්තුවේ සියලු කටයුතු අත්හිටුවා ජනාධිපතිගෙන් නිවේදනයක්

ටියුනීසියානු අගමැති හිචෙම් මෙචිචි ධුරයෙන් ඉවත්කර ඇති බවත්, මහජන නියෝජිතයන්ගේ පාර්ලිමේන්තුවේ සියලු කටයුතු අත්හිටුවා ඇති බවත් එරට ජනාධිපති කයිස් සයිඩ් (25දා) නිවේදනය කළේය.

ටියුනීසියානු ජනාධිපති ධුරයේ නිල ෆේස්බුක් පිටුවේ විකාශය වූ වීඩියෝවකින් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති සයිඩ් සිය ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් සමග පැවැත්වූ හදිසි රැස්වීමකින් අනතුරුවය.

“ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ ලබාදෙන්නේ නැහැ. එහෙත් එහි වැඩ කටයුතු අත්හිටුවීමට එය ඉඩ සලසනවා” ජනාධිපතිවරයා පැවසීය.

නව අගමැතිවරයෙකු පත්කරන තුරු තාවකාලිකව රජයට නායකත්වය දෙන බව සයිඩ් පැවසීය. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අවලංගු කළ බවද ජනාධිපතිවරයා නිවේදනය කළේය.

ටියුනීසියාවේ පාලක පක්ෂය වන ඉස්ලාමීය දේශපාලන ප්‍රවාහයක් සහිත එනාහ්ඩා පක්ෂය විසින් ජනාධිපතිවරයාගේ තීරණය විප්ලවයට එරෙහි රාජ්‍ය කුමන්ත්‍රණයක් ලෙස ප්‍රකාශ කළේය.

“කයිස් සයිඩ් කරන්නේ විප්ලවයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහි රාජ්‍ය කුමන්ත්‍රණයක්. එනාහ්ඩා සහ ටියුනීසියානු ජනතාව විප්ලවය ආරක්ෂා කරනු ඇති” යනුවෙන් පක්ෂය සිය ෆේස්බුක් පිටුවේ ප්‍රකාශයක් ලියා තිබේ.

ටියුනීසියානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව එරට පළාත් කිහිපයක උද්ඝෝෂණ හා ප්‍රචණ්ඩක්‍රියාද උත්සන්න වූ බව විදෙස් වාර්තා පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *