ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමුද්‍රීය විද්‍යායතනය මගින් නාවිකයන් පුහුණු කිරීමේ පාඨමාලාවක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය මගින් නාවිකයන් පුහුණු කිරීමේ පාඨමාලාවක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය මගින් නාවිකයන් පුහුණු කිරීමේ පාඨමාලාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම පෙරටුකර ගනිමින් ශ්‍රී ලංකාව තුළින් උසස් දැනුම් කුසලතා ආකල්පයන්ගෙන් පිරිපුන් නාවිකයන් බිහිකිරීමේ අරමුණින් නාවිකයන් පුහුණු කිරීමේ පාඨමාලාවක් (19) වැනි දින ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය මගින් පවත්වනු ලබන මෙම නාවිකයන් පුහුණු කිරීමේ පාඨමාලාව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පූර්ණ අනුග්‍රහය යටතේ පැවැත්වීම විශේෂත්වයකි.

එම ආයතනයේ රුපියල් මිලියනයක පිරිවැයකින් යුතුව පවත්වනු ලබන මෙම නාවිකයන් පුහුණු කිරීමේ පාඨමාලාව සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන් හි දක්‍ෂතා සපිරි අඩු ආදායම්ලාභී පවුල් වල තරුණ තරුණියන් 24 දෙනෙකු තෝරාගෙන ඇත.

මෙහි සමාරම්භක අවස්ථාවේ දී උත්සව සභාව ඇමතූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ දේශීය අධ්‍යක්‍ෂ සිම් රින් සින් මහත්මිය ප්‍රකාශ කළේ සමුද්‍රීය හා නාවික ක්‍ෂේත්‍රයේ නව රැකියා අවස්ථා සොයා යන මෙරට තරුණ තරුණියන් ට මෙම පාඨමාලාව කදිම අත්වැලක් වන බවයි.

තවද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුහුණු පාඨමාලාවක් ලෙසින් පවත්වනු ලබන මෙම පාඨමාලාව සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමට ලැබීම පිළිබඳව සතුටු වන බවද ඇය පැවසුවා ය.

වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා සභාව අමතමින්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන්ගේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාවට නංවමින් වරාය හා නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ උපදෙස් මත ක්‍රියාවට නංවනු ලබන මෙම පාඨමාලාව තුළින් මෙරට තරුණ තරුණියන් හට නාවික හා සමුද්‍රීය ක්‍ෂේත්‍රයේ අවස්ථා හිමිවන බවත්, එය මෙරට නාවික හා සමුද්‍රීය ක්‍ෂේත්‍රයේ සංවර්ධනයට ඉවහල් වන බවත් පැවසී ය.

මෙම උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල, කළමණාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස, අධ්‍යක්‍ෂ (මානව සම්පත් සංවර්ධන) නලින් අපොන්සු ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හා නාවික ක්‍ෂේත්‍රයේ උසස් නිළධාරී මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *