මොඩර්නා එන්නත ගැන අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සොයා විමර්ශන

මොඩර්නා එන්නත පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සොයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහය ඇතිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ, මහනුවර මහ රෝහලේ නීති වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකළ පැමිණිල්ලක් මත එම විමර්ශන ආරම්භ කළ බවය.

මොඩර්නා එන්නත ශරීරයට අහිතකර බවත් එහි නැනෝ තාක්ෂණය අඩංගු බවටත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අසත්‍ය කරුණු සංසරණය වන බව ද අදාළ වෛද්‍යවරයා විසින් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මොඩර්නා එන්නත මේ දිනවල මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් ජනතාවට ලබාදෙන බවත් එවන් අවස්ථාවක ජනතාව අතර එන්නත්කරණයට ඇති විශ්වාසය පළුදු කිරීමේ අදහසින් මෙම අසත්‍ය ප්‍රචාර සිදුකරන බවත් වෛද්‍යවරයා සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ මහනුවර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කරමින් පවතිනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *