Type to search

ඇසළ පුර පසළොස්වක පොහොය අද

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ඇසළ පුර පසළොස්වක පොහොය අද(23) යෙදී ඇත.

ඇසළ පුර පසළොස්වක පෝය බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක‍්‍රමණය, ප‍්‍රථම ධර්ම දේශනාව වූ “ධම්මචක්ක පවත්තන සූත‍්‍රය” දේශනා කිරීම යන කරුණු නිසා ඇසළ පොහෝ දිනය ලංකාවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් වේ.

රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගන්ධබ්බ රුක් මූලයේදී යමාමහ පෙළහර පෑම, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයේ සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමත් ඇසළ පෝය දිනක දී සිදු වී ඇත.

විහාරස්ථානවල වැඩවෙසෙන භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදු කරන්නේත් මෙදිනයි. එමෙන්ම අපට ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක් ලෙස සැලකෙන මහනුවර දළදා පෙරහරත් ඇසළ මාසය තුළ දී සිදු කරනු ඇත.

මේවන විට රටේ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව වෙහෙර විහාරස්ථානවල ආගමික කටයුතු සිදු කරන ලෙස ජනතාවගෙන් සෞඛ්‍ය අංශය ඉල්ලීමක් කර තිබේ.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *