ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වැඩිවුවත් මෙරට ගෑස් මිල වැඩි කරන්නේ නෑ – බන්දුලගෙන් සහතිකයක්

නායකයන්ට ප්‍රසස්ති ගයන වන්දිබට්ටකම් කරන ආවතේවකම් කරන ‘අපේ ලොවට පායන හිරුද සඳුද ඔබය’ කියලා කියන වලල්ලක් ඉන්නවා – බන්දුල

නායකයන්ට ප්‍රසස්ති ගයන වන්දිබට්ටකම් කරන ආවතේවකම් කරන ‘අපේ ලොවට පායන හිරුද සඳුද ඔබය’ කියලා කියන වලල්ලක් ඉන්නවා – බන්දුල

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වැඩිවුවත් මෙරට ගෑස් මිල වැඩි නොකරන්නේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව මෙරට ගෑස් මිල ඉහළ දැමීමට ගෑස් සමාගම් කළ ඉල්ලීම් සහ ලිට්රෝ ගෑස් සමාගම බරෙන් අඩු ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොලට නිකුත් කිරීමෙන් පාරිභෝගිකයන් සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බවත් ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වැඩිවීමට සාපේක්‍ෂව අනිවාර්යෙන් ගෑස් මිල වැඩි කිරීමක් කළ යුතු වුවත් ජනතාව මත පීඩනය විතැන් කිරීමට රජය කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා කීය.

පාරිභෝගික අධිකාරී පනතේ විධිවිධාන අනුව ලීටර් 18 ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රුපියල් 1150 ක් ද, වෙළෙඳපොලට අළුතින් හඳුන්වා දුන් එල්.පී. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ බර කිලෝග්‍රෑම්වලින් නිශ්චිතව දැක්විය යුතු බවත් කී අමාත්‍යවරයා ඒ සඳහා ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *