පේරු රාජ්‍යයේ රතු ඉන්දියානු සම්භවයක් ඇති ප්‍රථම ජනාධිපති; ඇමරිකාවට තවත් පහරක්

පේරු ඉතිහාසයේ බහුතර රතු ඉන්දියානු සම්භවයක් ඇති ප්‍රථම ජනාධිපති ලෙස Pedro Castillo; සමාජවාදයට ජයක්; ඇමරිකාවට තවත් පහරක්

පේරු ඉතිහාසයේ බහුතර රතු ඉන්දියානු සම්භවයක් ඇති ප්‍රථම ජනාධිපති ලෙස Pedro Castillo; සමාජවාදයට ජයක්; ඇමරිකාවට තවත් පහරක්

ඇෆ්ගන් පරාජයත් කියුබාවට ඇඟිලි ගැසීමට ගොස් ලොව පුරා ඇමරිකාවට එරෙහිව එල්ලවුණු අප්‍රසාදය මත අසරණ වූ බයිඩන් පාලනයේ පරාජය තවත් ත්‍රිව කරමින් පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහකයා ලෙස සමාජවාදී අපේක්ෂක Pedro Castillo පිළිගැනීමට එරට මැතිවරණ කොමිසමට (JNE) සිදුවිය. පුරා මාසයක කාලයක පැවති රටේ පැවති අවනිශ්චිත බව අවසාන කරමින් දුෂිත ලිබරල් අපේක්ෂිකා Keiko Fujimoriගේ හා ඇයගේ පාක්ෂිකයින්ගේ සියළු විරෝධතා මේ අනුව අවසන් වීමට නියමිතව ඇත. ඇය පවසනුයේ කොමියුනිස්ට් විරෝධී සටන අත්නොහරින බවයි. මැතිවරණ සමයේ හා ඉන්පසුව සමාජවාදී අපේක්ෂකයාට එරෙහිව ජාතික හා ජාත්‍යන්තරව එල්ලවූ පීඩනයන් හා මෙහෙයුම් සලකා බලද්දී පේරූ දේශයේ දේශපාලන අර්බුධය අවසන් කිරීමට හැක්කේද Pedro Castillo විසින් තම පොරොන්දු වූ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමෙන් පමණක් බව ජාත්‍යන්තර වාම කණ්ඩායම් මේ අතර අවධාරණය කර සිටිති.

වෘත්තියෙන් ගුරුවරයෙකු හා ගුරු වෘත්තිය සමිති නායකයෙකු වන 51 හැවිරිදි Pedro Castillo යනු පේරු ඉතිහාසයේ එරට බහුතර රතු ඉන්දියානු සම්භවයක් ඇති ජනතාව තුලින් එරට පාලකයා ලෙස පත්වූ ප්‍රථමයා ලෙස සැලකේ. අපේක්ෂකයින් 18 දෙනෙකු පරදවමින් දෙවන වටයට සුදුසුකම් ලබන Castillo(18) එරට ප්‍රසිද්ධව සිටියේ 2017 දී එරට ලිබරල් රජයට එරෙහිව මාස තුනක ගුරු වර්ජනයක් ජයග්‍රහණය සඳහා මෙහෙයවූ රැඩිකල් නායකයෙකු ලෙසය. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ කුඩා මාක්ස් ලෙනින්වාදී පක්ෂය(peru libre) එරට 2021 අප්‍රියෙල් මස පැවැත්වූ මහා මැතිවරණයේදී දිනා ගත් ආසන ප්‍රමාණය 37ක්(13.4%) වීම තුල Castillo ගේ දේශපාලන වැඩපිළිවෙල ජයග්‍රහණය සඳහා රැගෙන යාම එතරම් පහසු කටයුත්තක් නොවනු ඇති බවට ඇතැම් ලිබරල් දේශපාලන නිරීක්ෂකයින් උදම් අනති.

Castillo තම මැතිවරණ ප්‍රවාහය තුලදී පැවසුවේ එඬේරෙකු ලෙස ජීවිතය ඇරඹි හා තමන් ඉගෙන ගත් පාසැලට යාම සඳහා කිලෝමීටර් දහයක් උදේ හවා පයින් ගිය අතීතය තමන්ට කිසිදා අමතක කල නොහැකි බැවින් ඔහු ජනාධිපති ලෙස පත්වූ පසු එහි වැටුප් හා කිසිදු වරප්‍රසාදයක් ලබා නොගන්නා බවයි. එසේම මේ දක්වා විවෘත ආර්ථිකය ශක්තිමත් කරමින් 1993 දී රටට බලෙන් පටවන ලද ලිබරල් ව්‍යවස්ථාව වෙනස් කරලීමට හා නව ව්‍යවස්ථාවක් ඇතිකිරීමට ව්‍යවස්ථා සභාවක් නිර්මාණය කිරීමට ඔහු අපේක්ෂා කරනු ලබයි. මේ වනවිට බහු ජාතික සමාගම් විසින් පාලනය කරනු ලබන ඛනිජ තෙල්, ගෑස්, තඹ, මිනිරන්, රත්තරන්, හා ලිතුයුම් නිධි ජනසතු කරන අතර රටේ කෘෂිකර්මය හා කුඩා හා මධ්‍යම කාර්මික ව්‍යවසකයින් අර්බුධයට යවමින් රට තුලම නිපදවිය හැකි භාණ්ඩ විදේශයෙන් ආනයනය කිරීම අවසාන කරන බවද පවසයි.

මෙම ප්‍රගතිශීලි වැඩපිළිවෙල නිසා කුලප්පු වූ අන්තර් ජාතික මුල්‍ය අරමුදල(IMF) ඩොලර් බිලියන 11ක මුදලක් පේරූ රාජ්‍යය වෙනුවෙන් හදිසියේ වෙන්කළේ කොරෝනා වසංගතය නිසා එරට දළ ජාතික නිෂ්පාදනයෙන් 12%ක් නැතිවීම හේතුවෙන් උදව් කිරීමට යයි පවසමිනි. නමුත් ඔවුන්ගේ ලිබරල් අපේක්ෂිකාව Keiko Fujimori යනු අන්ත දුෂිත කාන්තාවක් විය.

දකුණු ඇමරිකාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව සිතල යුධ සමයේ කියුබන් විප්ලවය තෝරා නොගත් එකම රට වුයේ පේරූ රාජ්‍යය ලෙස සැලකේ. පේරූ වම හැරුනේ මාවෝවාදී මහජන යුද්ධය වෙතයි. ඒ අතර චේගුවේරාවාදීන් ලෙස TUPAMAROS ගරිල්ලා කණ්ඩායමද එරට ප්‍රසිද්ධව සිටියේය. මේ වන විට ජිවිතාන්තය දක්වා සිර දඬුමකට ලක්වී සිටින මාවෝවාදී Abimael Guzmán හා ඔහුගේ ෂියන්පාත් ගරිල්ලා කණ්ඩායම විසින් මාවෝවාදයේ සංස්කෘතික විප්ලවය අමු අමුවේ පේරූ බිමේ ගැලප්පීමට යාමෙන් පේරූ ජනතාවට සමාජවාදී ආකල්ප පිළිකුල් විය. මෙවර ජනාධිපතිවරණයේදී මෙම මාවෝවාදී රක්ත භිෂණය ඉතා තිරස්චින ලෙස ලිබරල් අපේක්ෂිකා Keiko Fujimori මැතිවරණ සමයේ යොදාගැනු ලැබුවද මාවෝවාදී නැගිටීම ම්ලේච්ඡ ලෙස මර්දනය කල ඇගේ පියා මේවනවිට සිටින්නේද සිදුකරන ලද යුධ අපරාධ නිසා වසර 25ක සිර දඬුවමක් විඳිමිනි. ජනාධිපතිනිය වීමෙන් Keiko Fujimori අපේක්ෂා කරනු ලැබුවේ තමන්ට එරෙහිව නියම කර ඇති වසර 25ක සිර දඬුවමෙන් ගැලවීම පමණක් නොව ජනාධිපතිවරණ බලය යොදාගෙන තම පියා නිදහස් කර ගැනීමටද ඇයට අවශ්‍ය විය.

මෙම අපේක්ෂාවන් දෙකම ලොවට පෙන්වන තම ලිබරල් අරමුණුවලට පටහැනි වූ අතර එම නිසාම පේරූ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදීව හා නිදහස්ව පැවති බවට අකමැත්තෙන් හෝ පිළිගැනීමට ඇමරිකාවට, යුරෝපා සංගමයට හා දකුණු ඇමරිකානු රටවල් කණ්ඩායමට(OAS) අවසානයේ සිදු විය. ඒ අතර පාර්ලිමේන්තුව තුල Pedro Castillo ගේ පක්ෂයට නියෝජිතයින් සංඛ්‍යාව 37ක් වීමත් , Castilloගේ පත්වීමට එරෙහිව “කොමියුනිස්ට් විරෝධී” ප්‍රචාරණ ජාලයක් සමාජ ගත කිරීමට ඇතිවූ හැකියාවත් මත හිටපු හමුදා නිලධාරීන් පවා එයට සහභාගී කරගැනීමට සමත්වීමත් මත Pedro Castilloගේ සමාජවාදී වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බාධා කිරීමට ඇති හැකියාව මෙහිදී ඇමරිකාවට ඉතා ඉහලින් ලැබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *