විදුලි බලාගාරයටත්, බොරතෙල් පිරිපහදු කිරීමටත් ඇමරිකාවේ සහය

ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු ඩොලර් බිලියන 4ක ආයෝජන සඳහා ඇමරිකානු රජයේ එකඟතාවය පලවී ඇතයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා .

එහිදී විදුලිබල ව්‍යාපෘතියක් සඳහා ඩොලර් බිලියනයක් ද ලංකාවට ගෙනෙන බොරතෙල් පිරිපහදු කිරීමේ බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3ක ආයෝජනයක් සිදුකිරීමට නියමිත බව පැවසෙනවා .

බොරතෙල් ගෙනවිත් පිහිපහදු කිරීමට ප්‍රමාණවත් පහසුකම් ලංකාවේ නොමැති තත්ත්වයක් තුල බොරතෙල් වෙනුවට මිළ අධික පිරිපහදු කළ තෙල් ආනයනය කිරිමට ශ්‍රී ලංකා රජයට සිදුව තිබෙනවා.

” අපි වසර 52කින් රිෆයිනර් එකක් හදලා නැහැ. දැන් තියන පිරිපහදුවේ කරන්නේ ලංකාවේ අවශ්‍යතාවයෙන් සියයට 25යි. එනිසා ඒකෙන් කරන්න පුළුවන් ප්‍රමාණයට ඒ කියන්නේ සියයට 25ක් බොරතෙල් ගෙනත් ඉතුරු සියයට 75 පිරිපහදු කළ තෙල් ආනයනය කරනවා. ” යයි බලශක්ති අමාත්‍යයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *