වරාය නගරයට අනවසරයෙන් ඇතුළු වීමට ගිය චීන ජාතිකයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

චීන ජාතිකයෙකු විසින් පුද්ගලයින් හතර දෙනෙකු අනවසරයෙන් කොළඹ වරාය නගරය තුළට රැගෙන යාමට තැත් කළ අවස්ථාවේදී වරාය අධිකාරියේ නිලධාරීන් එම පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එම චීන ජාතිකයා කොළඹ වරාය නගරය තුළ ඉදි වෙමින් පවතින අධිවේගී මාර්ගයේ මිනිස් ශ්‍රමය සපයන සාමගමක හිමිකරුවෙකු බවය. වරාය අධිකාරි නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනා පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අදාළ සමාගම් හිමිකරුගෙන් සිදු කළ ප්‍රශන් කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ, සමාගමේ සේවකයන්ගේ අඩුවක් ඇති වීම හේතුවෙන් එහි රාජකාරි සඳහා ඔවුන් රැගෙන යන බවය.

කෙසේ වෙතත් වරාය තුළට පුද්ගලයින් රැගෙන යාමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇති බවත් ඒ සඳහා බලපත්‍ර ලබා ගත යුතු අතර එසේ බලපත්‍ර ලබා ගැනීමකින් තොරව අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කිරීම හේතුවෙන් වාරය අධිකාරියේ ආරක්ෂක නිලධාරීන් මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා (ජූලි 19) දින කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *