එමානුවෙල් මැක්ක්‍රෝන් ප්‍රමුඛ ප්‍රංශ ආණ්ඩුවට එරෙහිව ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා

එමානුවෙල් මැක්ක්‍රෝන් ප්‍රමුඛ ප්‍රංශ ආණ්ඩුවට එරෙහිව ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා

එමානුවෙල් මැක්ක්‍රෝන් ප්‍රමුඛ ප්‍රංශ ආණ්ඩුවට එරෙහිව ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා

එමානුවෙල් මැක්ක්‍රෝන් ප්‍රමුඛ ප්‍රංශ ආණ්ඩුව කොවිඩ් වසංගතය මැඩපැවැත්වීම වෙනුවෙන් ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොකරන බවට චෝදනා කරමින් ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක් ආරම්භ වී තිබේ.

(17) දිනයේදී ප්‍රංශයේ ස්ථාන 137කදී මෙම විරෝධතා සංවිධානය කර ඇති අතර ඊට 114,000කට අධික ජනතාවක් සහභාගී වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රංශයේ පැවති විශාලතම විරෝධතාවයට 18,000කට අධික ජනතාවක් සහභාගී වී ඇතැයි වාර්තා වේ. විරෝධතාවයට සම්බන්ධවූවන් ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ ප්‍රතිපත්තිවලට විරෝධය පළකරනු ලැබූ අතර ඔහුට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට සඳහන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර තිබේ.

ප්‍රංශ රජය විසින් පසුගිය සඳුදා නිකුත් කරනු ලැබූ නිවේදනයක් මෙම විරෝධතා රැල්ල ආරම්භ වීමට හේතු වී ඇතැයි වාර්තා වේ. මෙම විරෝධතා රැල්ල මීට පෙර ආරම්භ වූ කහ කබාකරුවන්ගේ විරෝධතා රැල්ලේ යම් සංධිස්ථානයක් බව පැවසේ. විශේෂයෙන්ම පසුගිය 2018 වසරේ සිට මැක්‍රෝන් පාලනයට එරෙහිව කහ කබාකරුවන් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරතවන අතර එය අසංවිධානාත්මක විරෝධතා රැල්ලක් ලෙසද හැදින්වේ.

කෙසේ වෙතත් පසුගියදා පැවැති මහජන විරෝධතා මාලාව මැක්‍රෝන් පාලනයට ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව කිසියම් සංඥාවක් නිකුත් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාරතා කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *