කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා යටතට ගේනවා – ජනපති

2022ට ජනාධිපති යටතේ පවතින අමාත්‍යංශයවලට දිනකට කෝටි 116යි ; සෞඛ්‍යට දිනකට කෝටි 42යි

2022ට ජනාධිපති යටතේ පවතින අමාත්‍යංශයවලට දිනකට කෝටි 116යි ; සෞඛ්‍යට දිනකට කෝටි 42යි

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන්, සිදු කෙරෙන සංශෝධනවලින් අනතුරුව එම විශ්වවිද්‍යාලයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහතා පවසනවා.පවසනවා. මේ පිළිබඳව ව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේය රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ වලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහි වන බවයි. එය අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බවත් ජනාධිපතිවරයා කියන්නේ.ඔහු මේ බව බෞද්ධ උපදේශක සභාව හමුවේයි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වසර 40 කාලයක් පුරා මෙරටට අවශ්‍ය විද්වතුන් විශාල සංඛ්‍යාවක් දායාද කර ඇති බවත් උසස් පෙළ සමත් දරුවන් පවා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට දැඩි උනන්දුවකින් පෙළඹී සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියනවා.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ද ඒ යටතට ගෙන එන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යවනා දෙමව්පියන්ට අහිමිවන විශාල මුදලක් මේ ආකාරයේ ඉහළ ප්‍රමිතියෙන් යුත් විශ්ව විද්‍යාල රට තුළ බිහි කිරීම හරහා රටේ ඉතුරු කර ගත හැකි බවයි ජනාධිපතිවරයාගේ අදහස.

 

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *