ජනපති හිත උණු වී රන්ජන්ටත් පොදු සමාව ලැබේවා – කරු ජයසූරිය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට දුන් දඬුවම පිළිබදව මානුශිකත්වයෙන් යුතුව නැවත සලකා බලන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

එම ඉල්ලීම රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් ජනතාව අතරින් එන අභියාචනයක් ලෙස සලකා බලා ජනාධිපති සමාව යටතේ ඔහු වෙනුවෙන් ගත හැ නීත්‍යානුකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදාගනිමින් සලකා බලන ලෙස ද ජයසූරිය මහතා ඉල්ලා සිටියේය.

බොහෝ අයට අදාළව උණු වී ඇති ජනාධිපතිවරයාගේ හිත රන්ජන් රාමනායකට වෙනු වෙන්ද ද උණුවෙත්වා යයි ප්‍රාර්ථනා කරන බවත් කරු ජයසූරිය මහතා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *